භූමිකම්පාවෙන් විපතට පත් ඇෆ්ගනිස්ථානයට චීනයේ රතු කුරුස සංගමයෙන් සහනාධාර
2022-07-04 10:17:50
Share with:

චීනයේ රතු කුරුස සංගමයෙන් ඇෆ්ගනිස්ථානයට පිරිනැමෙන සහනාධාර භාරදීමේ උත්සවය ඊයේ (3) කාබුල් හි ඇෆ්ගන් රෙඩ් ක්‍රෙසන්ට් සංගම් මූලස්ථානයේ දී පැවැත්විණ. ඇෆ්ගනිස්ථානයේ චීන තානාපති Wang Yu මහතා සහ ඇෆ්ගන් රෙඩ් ක්‍රෙසන්ට් සංගමයේ සභාපති Harris මහතා එම උත්සවයට සහභාගි වූහ.

 ඉකුත් දා සිදු වූ භූමිකම්පාවෙන් පසුව, චීනය ඇෆ්ගනිස්ථානයට වැඩිම, වඩාත්ම සැලකිය යුතු සහ කඩිනමින්ම ආධාර සපයන රටවලින් එකක් බව Wang Yu මහතා පැවසීය. එසේම, භූමිකම්පාවෙන් ඇති වූ දුෂ්කරතා මඟහරවා ගැනීමට මෙන්ම ඇෆ්ගනිස්ථානයේ ස්වාධීන සංවර්ධනයට දායක වීම සඳහා අඛණ්ඩව සහාය දැක්වීමට චීනය කැමැත්තෙන් සිටින බව චීන තානාපතිවරයා සඳහන් කළේය.

චීනය ලබා දුන් වටිනා ආධාර වෙනුවෙන් අවංක ස්තුතිය පළ කරන බව Harris මහතා පැවසීය. ආර්ථිකය, විද්‍යාව හා තාක්‍ෂණය සහ වෛද්‍ය ප්‍රතිකාර යන අංශවලින් ඇෆ්ගනිස්ථානයට අඛණ්ඩව සහයෝගය සහ සහාය ලබාදීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම කියා සිටියේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම