බ්‍රිතාන්‍යයට හොංකොං කටයුතුවලට මැදිහත් වීමේ කිසිදු අයිතියක් නොමැති බව යළි අවධාරණය කෙරේ
2022-07-03 17:34:15
Share with:

හොංකොං විශේෂ පරිපාලන කලාපය චීනයට යළි එක්වීමේ 25 වන සංවත්සරය නිමිත්තෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Boris Johnson මහතා හා විදේශ ඇමති Liz Truss මහතා වෙන් වෙන්ව ප්‍රකාශ කළේ චීන බ්‍රිතාන්‍ය ඒකාබද්ධ නිවේදනය යටතේ ‍‍හොංකොංහි වැසියන් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයට ඓතිහාසික වගකීම තිබෙන අතර හොංකොං අත් නොහරින බවයි. 1984 වසරේ දෙසැම්බර් මස චීන රජය හා බ්‍රිතාන්‍ය රජය අත්සන් තැබූ චීන බ්‍රිතාන්‍ය ඒකාබද්ධ නිවේදනයට අනුව 1997 වසරේ ජූලි මස පළමු වනදා හොංකොං චීනයට යළි එක්වීමෙන් පසු හොංකොං සම්බන්ධ බ්‍රිතාන්‍යයේ ස්වාධිපත්‍යය, පාලන බලය හා අධීක්ෂණ බලය අහිමි වී තිබේ. වර්තමානයේ බ්‍රිතාන්‍යයට හොංකොං කටයුතුවලට මැදිහත් වීමේ කිසිදු අයිතියක් නොමැත. හොංකොං චීනයේ විශේෂ පරිපාලන කලාපයකි. එබැවින් එම කලාපයට හොංකොං හා කිසිඳු සබඳතාවක් නොමැත.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම