චීන විදේශ අමාත්‍යවරයා ඉහළ ‍පෙලේ රැස්වීම් කිහිපයකට සහභාගීවීමට සූදානම් වෙයි
2022-07-02 17:27:28
Share with:

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික හා විදේශ අමාත්‍ය වන්ග් යී මහතා ඉහළ ‍පෙලේ රැස්වීම් කිහිපයකට සහභාගීවීමට සූදානම් වෙයි. හෙතෙම මියන්මාරයේ පැවැත්වීමට නියමිත හත්වන “ලන්කන්ග්-මීකොන්ග් සහයෝගතාවේ විදේශ ඇමති රැස්වී‍මට එක්වනු ඇත.ඒ අතරම ඉන්දුනීසි‍යාවේ පැවැත්වීමට නියමිත G20 කණ්ඩායමේ විදේශ ඇමතිවරුන්ගේ රැස්වීමට එක්වීමට ද හෙතෙම අපේක්ෂා කරයි. ඊට අමතරව තායිලන්තය ,පිලිපීනය, ඉන්දුනීසියාව හා මලයාසියාවේ නිල සංචරයක නිරත වීමට නියමිත හෙතෙම චීන ඉන්දුනීසියා ඉහළ පෙළේ සංවාද සහයෝගතා යාන්ත්‍රණ රැස්වීමට සහභාගී වනු ඇති බවද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක චාඕ ලිජියන් මහතා පවසයි.14 වන චීන වියට්නාම ද්විපාර්ශ්වික සහයෝගතා මෙහෙයුම් කමිටු රැස්වීමට සහ චීන කාම්බෝජ අන්තර් රාජ්‍ය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට ද හෙතෙම එක්වනු ඇත.

 

 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම