නේටෝ සංවිධානයේ රුසියාව සම්බන්ධ ප්‍රකාශය රුසියාවට එරෙහි පූර්ණ ගැටීමක් බව රුසියාව පවසයි
2022-07-02 16:04:36
Share with:

රුසියාව විශාලතම තර්ජනය ලෙස සලකන බවට නේටෝ සංවිධානයේ ප්‍රකාශයට පත්කිරීම රුසියාවට එරෙහි පූර්ණ ගැටීමක් බව රුසියාව පවසයි.

රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය Viktorovich Grushko ඊයේ(1) රුසියානු විද්වත් මණ්ඩලයත් වන Valdai ජාත්‍යන්තර විවාද සමාජය අමතමින් මේ බව පැවසීය.

නේටෝ සංවිධානය, රුසියාව විශාලතම තර්ජනය ලෙසට සැලකීම ඉතා වැදගත් වෙනස්කමක් බව හෙතෙම කියා සිටියේය. ඉන් නේටෝ සංවිධානය රුසියාවට එරෙහි ගැටීම පැහැදිලිව ප්‍රකාශ කරමින් පූර්ණ වශයෙන් රුසියාව මැඩ පැවැත්වීමේ අභිලාෂයක් පිළිබිඹු වෙයි. 

පසුගිය 29 වනදා නේටෝ සංවිධානයේ සාමාජික රටවල නායකයන් Madrid සමුළුවේදී පැවසුවේ රුසියාව නේටෝ සංවිධානයට විශාලතම මෙන්ම ඍජු තර්ජනය ලෙසට සැලකෙන බවයි. නේටෝ සංවිධානය වගකීම් භාර නො ගනිමින් යුරෝපා ආරක්ෂක ව්‍යූහයේ ප්‍රතිපත්ති විනාශ කරන බවට එදිනම රුසියාව චෝදනා කළේය. Madrid සමුළුවේදී නේටෝව ගත් තීරණය රුසියාවේ ප්‍රතිපත්තියට බලපෑමක් එල්ල නොකරන බව ද රුසියාව පැවසීය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම