හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ස්ථානගත චීන මහජන විමුක්ති හමුදා බලසේනාව චීන ජනාධිපතිවරයා ගේ නිරීක්ෂණයට
2022-07-02 16:04:13
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ස්ථානගත චීන මහජන විමුක්ති හමුදා බලසේනාව නිරීක්ෂණය කරයි . හොංකොංහී එක් රටක් ක්‍රම දෙකක් සාර්ථකත්වය සහතික කිරීමට වැඩි දායකත්වයක් ලබා දෙමින්  රාජකාරී  ධාරිතාව වර්ධනය කළ යුතු බවට හෙතෙම එහිදී එම සේනා වෙත නියෝග කළේ ය.එම නිරීක්ෂණ චාරිකාවේ දී චීන ජනාධිපතිවරයා හමුදා නිලධාරීන් හා සෙබළුන් ගේ නියෝජිතයන් ද හමුවිය.

හොං‍කොං යළි මවුරටට එක්වී ගෙවුනු වසර 25 පුරාවට හොංකොංහී ස්ථාන ගත එම බලසේනාව චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ මධ්‍යම යුධ කොමිසමේ තීරණ හා උපදෙස් නිසි ලෙස ක්‍රියාත්මක කර ඇත.ඒ එක් රටක් ක්‍රම දෙකක් මාර්ගෝපදේශ මූලධර්ම මෙන්ම හොංකොං විශේෂ පරිපාලන කලා‍පයේ මූලික නීතිය සහ චීන මහජන සමූහාණ්ඩුවේ නීතියට අනුකූලව බවද චීන ජනාධිපතිවරයා එහිදී පැවසීය.

විශේෂයෙන්ම මෑත වසරවලදී, හොංකොං හි පැවති සංකීර්ණ තත්ත්වය හමුවේ එම අවුල් සහගත තත්ත්වයේ සිට යළිත් නිසි පටිපාටියට ප්‍රවේශ වීමේදී ආරක්ෂක හමුදාව වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති බව ද චීන ජනාධිපතිවරයා සඳහන් කළේය.

හොංකොං විශේෂ පරිපාලන කලාපය තවදුරටත් සමෘද්ධිය කරා ගමන් කිරීමේ තීරණාත්මක අවධියක සිටින බැවින්, ජාතික ආරක්ෂාව සහ හොංකොං හි දිගුකාලීන සමෘද්ධිය ආරක්ෂා කිරීමට වැඩි දායකත්වයක් ලබා දීම සඳහා එම බලසේනාව සෑම අතින්ම ස්වයං ගොඩනැංවීම් ශක්තිමත් කර ගත යුතු බව ද ෂී ජින්පිං මහතා අවධාරණය කළේ ය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම