චීන මධ්‍යම රජයේ පූර්ණ සහායෙන් ශක්තිමත් ඉදිරි ගමනකට සැරසෙන හොංකොං
2022-07-02 18:44:59
Share with:

         

          හොංකොං යළි මව්රටට එක්වීමේ 25වැනි සංවත්සරය සැමරීමේ උත්සවය සහ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ 6වැනි රජයේ දිවුරුම් දීමේ උත්සවය අමතමින් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ (01) හොංකොං හි අනාගතය පිළිබඳ අපේක්ෂාවන් පළ කළේය. ඉදිරි වසර 5 හොංකොං වඩාත් ඉදිරියට ගමන් කරන තීරණාත්මක හා දීප්තිමත් කාලයක් වනු ඇති බව හෙතෙම කියා සිටියේ ය.

          හොංකොං වෙත සැමවිටම මව්රටින් සහය ලැබෙන අතර ලෝකය සමග ද සැමවිටම බැඳී සංවර්ධන මාවතේ නොකඩවා ම ගමන් කරමින් සිටී. මව්රටේ සංවර්ධනයෙන් බිහි වන ඓතිහාසික අවස්ථා ප්‍රයෝජනයට ගෙන එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ, චීනයේ 14වැනි පස්අවුරුදු සැලැස්ම සහ ගුවං තුං- හොංකොං-මැකව් මහ බොක්ක කලාපීය සංවර්ධන උපාය මාර්ගය සමග එක් වී කටයුතු කිරීම සඳහා හොංකොං විශේෂ පරිපාලන කලාපයට පුළුල් අවකාශයක් ලැ‍බී තිබේ. හොංකොං ලොව විවිධ රටවල් හා ප්‍රදේශ සමග වඩාත් පුළුල් හා සමීප හුවමාරු හා සහයෝගිතා පැවැත්වීමටත්, ප්‍රතිසංස්කරණය ක්‍රමානුකූලව ක්‍රියාත්මක කිරීමටත්, චීන මධ්‍යම රජයේ පූර්ණ සහයෝගය හිමි වේ.

         සංවර්ධනය , ජනතාවගේ ජීවිතය නගාසිටුවීමට මූලික සහතිකයක් ලබා දෙයි. ජනතාවගේ අපේක්ෂාවන්ට මුල් තැන දෙමින් පරිපාලනය කිරීමේදී වගකීම් සහගත ව හා ප්‍රයෝගික චින්තනයට අනුව කටයුතු කරන ලෙසත් , නිවාස අවශ්‍යතා ,  ආදායම් විෂමතාව , යෞවන සංවර්ධනය ඇතුළු ජනතාවගේ සැලකිල්ලට ලක්ව ඇති කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් හොංකොං හි සංවර්ධන ප්‍රතිලාභ සමස්ත හොංකොං වැසියන්ට සම සේ ලබා දෙන ලෙසත්, චීන ජනාධිපතිවරයා උත්සව අමතමින් හෙංකොං විශේෂ පරිපාලන කලාපයේ නව රජයෙන් ඉල්ලා සිටියේ ය. ඉදිරි වසර 5හේ චීන මධ්‍යම රජයේ පූර්ණ සහාය ඇතිව හොංකොං විශේෂ පරිපාලන කලාපයට නව ඉදිරි පියවරක් තැබීමට  හැකි වනු නියත ය.

 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම