සමස්ත ලෝකයම අවුල් ජාලාවක් බවට පත්කිරීම නේටෝවේ අරමුණ ද?
2022-07-01 09:51:18
Share with:


චීනය ‘යුරෝපා-අත්ලාන්තික් කලාපයට පද්ධතිමය අභියෝගයක්’ බව, චීනයට චෝදනා නගා අපහාස කරමින් නේටෝ සංවිධානයේ Madrid සමුළුව සම්මත කළ උපායමාර්ගික ලේඛනයක දැක්වේ. චීනය සිය සතුරා ලෙස උපකල්පනය කොට, නේටෝ සංවිධානය කණ්ඩායම් සතුරුකම් නිර්මාණයට ගන්නා තවත් උත්සාහයකි මේ. සීතල යුද්ධ ආත්මයක් සේ හැසිරෙන නේටෝ සංවිධානයම, මේ ලෝකයේ සාමය හා ස්ථාවරත්වයට පද්ධතිමය අභියෝගය බව කිව යුතුය.

බෙල්ජියම් Le Soir පුවත්පත පෙන්වා දී පරිදි, නේටෝව ඇමරිකානු ආධිපත්‍යය ක්‍රියාත්මක කිරීමේ මෙවලමක් පමණි. එම සංවිධානයේ ස්ථාපනය කිරීම හා ව්‍යාප්තවීමේ ක්‍රියාදාමය සමාලෝචනය කිරීමෙන්, එය ඇමරිකානු කඳවුරු හා සතුරු කල්ලි බිහි කරන ආකාරය පැහැදිලිව හඳුනාගත හැකිය.

මෙවර නේටෝ සංවිධානයේ Madrid සමුළුවට ප්‍රථම වරට ජපානය, දකුණු කොරියාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය යන රටවල නායකයන්ට ආරාධනා කර ඇත. ‘ආසියා ශාන්තිකර නේටෝවක්’ බිහි කරමින්, චීනයට එරෙහි උපායමාර්ගික පරිසරයක් ගොඩනැගීමට ඇමරිකාව ගන්නා කූඨ උපක්‍රමයක් ලෙස මෙය සැලකිය හැකිය. කණ්ඩායම් සතුරුකම් ආසියා ශාන්තිකර කලාපයට හඳුන්වා දීම එහි අරමුණ යි. කලාපීය රටවල් මේ පිළිබඳව උපරිම සෝදිසියෙන් සිටිය යුතුය.

මේ අතර පින්ලන්තය හා ස්වීඩනය නේටෝවට එක්වීමට මෙවර සමුළුවට එක්වූ සාමාජිකයින් එකඟවීම, නේටෝවේ හය වන වටයේ ව්‍යාප්තිය ලෙස සනිටුහන් වනු ඇත. ‍එහෙත් නේටෝවේ සෑම ව්‍යාප්තියකින්ම යුරෝපයේ ආරක්ෂක තත්ත්වය අර්බුදයට ලක් වූ බව ඉතිහාසයෙන් සනාථ වී තිබේ. නේටෝ සංවිධානය මේ වනවිට යුරෝපය අවුල්සහගත තත්ත්වයට ඇද දමා තිබියදී පවා, ආසියා ශාන්තිකර කලාපයේ මෙන්ම සමස්ත ලෝකයේ ම නොසන්සුන්බවක් ඇති කිරීමට ද  වෑයම් දරනු පෙනේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම