හොංකොං වඩාත් දීප්තිමත් අනාගතයකට  රැගෙන යන "එක් රටක් ක්‍රම දෙකක්"
2022-07-01 20:35:07
Share with:

හොංකොං යළි මව්රටට එක්වීමේ 25වැනි සංවත්සරය සැමරීමේ උත්සවය සහ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ 6වැනි රජයේ දිවුරුම් දීමේ උත්සවය අද (01) හොංකොං සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී පැවැත්විණ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊට එක්වෙමින් දේශනයක් පැවැත්විය. හොංකොං හි ක්‍රියාත්මක ‍කෙරෙන එක් රටක් ක්‍රම දෙකක් ප්‍රතිපත්තිය එහිදී ෂී ජින් පිං ජනාධිපතිවරයාගේ ඉහළ ඇගයීමට ලක් විය.  හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය "එක් රටක් ක්‍රම දෙකක්" යන මූලධර්මයට සහ හොංකොංහි ව්‍යවස්ථාපිත තත්ත්වයට අනුකූල වේ. එය හොංකොං වැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරැකීමට, හොංකොංහි සමෘද්ධිය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමට මෙන්ම දීප්තිමත් අනාගතයක් උදෙසා හිතකර බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එහිදී පැවසීය.

රටක් තුළ වෙනස් පරිපාලන හා සමාජ ක්‍රම 2ක් ක්‍රියාත්මක කිරීම, මානව දේශපාලන ඉතිහාසයේ අද්විතීය නිර්මාණයකි. චීනය මෙම අද්විතීය ක්‍රමය ක්‍රියාත්මක කර ගත වූ වසර 25 තුළ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ තිරසර සංවර්ධනය හා සමෘද්ධිය සඳහා ප්‍රබල ප්‍රතිපත්තිමය පිටුබලයක් සපයා දී ඇත. රටේ ස්වාධිපත්‍යය , ආරක්ෂාව හා සංවර්ධනය සුරැකීම එක් රටක් ක්‍රම දෙකක් ප්‍රතිපත්තියේ ඉහළම මූර්ධමයයි. චීන මධ්‍යම රජය හොංකොං විශේෂ පරිපාලන කලාපය කෙරෙහි පූර්ණ පාලන බලතල යොදා ගන්නා අතර එහි ඉහළ ස්වයං පාලනය සහතික කරයි. එමෙන් ම ‘දේශප්‍රේමීන් විසින් හොංකොං පාලනය කිරීම’යන මූලධර්මය ද හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ක්‍රියාත්මක කළ යුතු බව චීන මධ්‍යම රජය අවධාරණය කර තිබේ. චීන මධ්‍යම රජය සැමවිටම හොංකොංහි සංවර්ධනය සැලකිල්ලට ගෙන හොංකොං වඩාත් දියුණු කිරීමට විවිධ සැලැසුම් සකස් කර ඇත.

“එක් රටක් ක්‍රම දෙකක් ”යනු ප්‍රශස්ත ක්‍රමයකි. මෙම ක්‍රමය යටතේ හොංකොං විශේෂ පරිපාලන කලාපය වඩාත් දීප්තිමත් අනාගතයකට හිමිකම් කියනු නියත ය. 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම