පාකිස්ථානයේ Karot ජලවිදුලි බලාගාරයේ පූර්ණ වාණිජමය ක්‍රියාකාරිත්වය ඇරඹීම පිළිබඳව චීනයෙන් සුබ පැතුම්
2022-07-01 09:59:03
Share with:

පාකිස්ථානයේ Karot ජලවිදුලි බලාගාරයේ පූර්ණ වාණිජමය ක්‍රියාකාරිත්වය වෙනුවෙන් චීනය සුබ පැතුම් පළකරයි.

පාකිස්ථානයේ Karot ජල විදුලි බලාගාරයේ නිල වාණිජමය ක්‍රියාකාරිත්වය  ඊයේ(29) ආරම්භ විය. ඒ වෙනුවෙන් චීනය සුබ පැතුම් පළ කරන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශZhao Lijian මහතා පවසයි.

චීනය හා පාකිස්ථානය සෑම අවස්ථාවකදීම උපායමාර්ගික සහයෝගිතා හවුල්කරුවන් බව Zhao Lijian මහතා පෙන්වා දී තිබේ. චීන-පාකිස්ථාන ආර්ථික කොරිඩෝවේ සංවර්ධනය ආරම්භ වූ දා සිට එම රාමුව යටතේ විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා විශිෂ්ට ප්‍රතිඵල ලබා ඇත. පාකිස්ථානය සමඟ එක්ව, සම්පූර්ණ ප්‍රායෝගික සහයෝගිතා පුළුල් කොට ආර්ථික කොරිඩෝවේ සංවර්ධනය ඉදිරියට මෙහෙයවීමට චීනය කැමැත්තෙන් සිටින බව ද Zhao Lijian මහතා පැවසීය.  ද්විපාර්ශ්වික සබඳතා, හෘදයංගම හුවමාරු සහ ආර්ථික හා සමාජ සංවර්ධනයේ නව ප්‍රගමනයක් අත්පත් කර ගැනීම සඳහා පාකිස්ථානය සමඟ එක්ව කටයුතු කිරීම චීනයේ අපේක්ෂාව බව ද හෙතෙම සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම