"මොන්රෝ මූලධර්මය" සහ ඇමරිකානු ආධිපත්‍යය නිසා සිදුවූ තවත් ඛේදවාචකයක්
2022-06-30 12:37:58
Share with:

ඇමරිකාවේ නීතිය බලාත්මක කිරීමේ නිලධාරීන් විසින් මෑතකදී ටෙක්සාස් ප්‍රාන්තයේ සැන් ඇන්ටෝනියෝ නගරයේ, අතහැර දැමූ ට්‍රක් රථයක තිබී සංක්‍රමණික මළ සිරුරු විශාල සංඛ්‍යාවක් සොයාගන්නා ලදී. මේ වන විට මියගිය සංඛ්‍යාව 51 දක්වා ඉහළ ගොස් තිබේ.

ඇමරිකාවේ මෙවැනි ඛේදවාචකයක් සිදුවූ පළමු අවස්ථාව මෙය නොවේ. සැන් ඇන්ටෝනියෝ නගරයම උදාහරණයක් ලෙස ගත් විට, 2017 සහ 2003 වසරවලදී ට්‍රක් රථවලට සිරවී මිය ගිය පුද්ගලයන් ද සොයා ගෙන ඇත.

1823 වසරේ ඇමරිකාව, ලතින් ඇමරිකාව පාලනය කිරීමේ අරමුණෙන් යුක්තව "මොන්රෝ මූලධර්මය"(Monroe Doctrine) ඉදිරිපත් කළේය.  එතැන් සිට, ලතින් ඇමරිකානු රටවල් ඇමරිකානු මිලිටරි මැදිහත්වීම්, දේශපාලන උපාමාරු, අධික සම්බාධක සහ අපනයන උද්ධමනය හේතුවෙන් දරුණු දුක් පීඩාවන්ට මුහුණ පා ඇත. සංක්‍රමණිකයන් විශාල පිරිසක් ලතින් ඇමරිකාවෙන් බැහැර වීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ, අන්ත දරිද්‍රතාවය සහ ප්‍රචණ්ඩකාරී අපරාධ බවට විශ්වාස කෙරේ.

මෙක්සිකානු ජනාධිපති Andrés Manuel López Obrador මහතා ඍජු අදහස් පළකරමින් පැවසුවේ, සංක්‍රමණිකයන් දිගටම ගලා ඒම ඇමරිකානු රජයට අවශ්‍ය නොමැති නම්, ඔවුන් මධ්‍යම ඇමරිකානු රටවල ආර්ථිකයන් දියුණු කිරීමට උපකාර විය යුතු ව තිබූ බවයි.

ඇමරිකානු දේශපාලනඥයන් ලතින් ඇමරිකානු ජනතාව කෙරෙහි සැබැවින්ම සැලකිලිමත් නම්, ඔවුන් හැකි ඉක්මණින් "මොන්රෝ මූලධර්මය" සහ ආධිපත්‍යය අත්හැරිය යුතු අතර, සරණාගතයන් හා සංක්‍රමණිකයන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට මෙන්ම මෙවන් දරුණු ඛේදවාචක තවදුරටත් සිදුවීම වළක්වා ගැනීමට ප්‍රායෝගික පියවර ගත යුතුය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම