ඇමරිකාවේ ටෙක්සස් හි ට්‍රක් රථයකින් සොයා ගත් නීතිවිරෝධී සංක්‍රමණිකයන්ගේ මරණ සංඛ්‍යාව 51 දක්වා ඉහළට
2022-06-29 10:26:50
Share with:

ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සැන් ඇන්ටෝනියෝහි ට්‍රක් රථයකින් සොයා ගත් නීතිවිරෝධී සංක්‍රමණිකයන්ගේ මරණ සංඛ්‍යාව 51 දක්වා ඉහළ යයි.

මියගිය පුද්ගලයින් ගෙන් 22 දෙනෙක් මෙක්සිකානුවන් වන අතර , 7 දෙනෙක් ග්වාතමාලා වැසියන්ය. 2 දෙනෙක් හොන්ඩුරාස් වැසියන් බවට හඳුනා ගෙන ඇත. සෙසු අයගේ ජාතිකත්වය තවමත් තහවුරු කර නොමැති බව මෙක්සිකානු විදේශ අමාත්‍යංශයේ උතුරු ඇමරිකානු කලාපයේ ප්‍රධානීයා සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශ කළේය.

වත්මන් විමර්ශනයට අනුව, එම නීතිවිරෝධී සංක්‍රමණිකයන් රැගත් ට්‍රක් රථය මෙක්සිකෝව හා ඇමරිකාව අතර දේශසීමාවේ පිහිටි ඇමරිකාවේ Laredo නගරයෙන් පැමිණ ඇති  බවට පොලිසිය විශ්වාස කරයි. ට්‍රක් රථ රියදුරු ඇතුළු තිදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.


ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම