චීනය පරිත්‍යාග කළ පළමු හදිසි සහල් ආධාර තොගය ශ්‍රී ලංකාවට
2022-06-29 11:38:53
Share with:

චීනය පරිත්‍යාග කළ හදිසි ධාන්‍ය ආධාරයේ ප්‍රථම තොගය ශ්‍රී ලංකාවට ළඟා වෙයි.

මෙට්‍රික් ටොන් දහසක එම සහල් තොගය ඊයේ(28) කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයටළඟා විය. ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා‍ සහ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහල් තොගය පිළිගැනීමේ අවස්ථාවට එක්වූහ.

චීනය සමස්ත වශයෙන් පරිත්‍යාග කරන ටොන් දසදහසක සහල් ආධාරය, පළාත් නවයේ පාසල් 7900ක සිසු සිසුවියන් මිලියන 1.1ක පිරිසක් වෙත මාස 6 කාලයක් තළ ආහාර වෙනුවෙන් සපයා දෙන බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය. දෙරටේ ගැඹුරු මිතුදම මෙම පරිත්‍යාගයෙන් තවදුරටත් පිළිබිඹු කෙරෙන බව ද ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා සඳහන් කළේ ළමුන් රටේ අනාගතය බවයි. අසීරු තත්ත්වය යටතේ, ශ්‍රී ලංකාව සමග එක්ව ළමුන්ගේ ආහාර සුරක්ෂිතභාවය හා මූලික අධ්‍යාපනයට ප්‍රමුඛතාව ලබා දීමට චීනය කැමති බවද හෙතෙම කියා සිටී.

පසුගිය අප්‍රේල් මාසයත් මැයි මාසයත් අතර කාලයේ, චීන යුවාන් කෝටි 50ක වටිනාකමින් යුත් හදිසි මානුෂීය සහනාධාරයක් ශ්‍රී ලංකාව වෙත ලබා දෙන බව චීන රජය ප්‍රකාශ කළේ ය. ආර්ථික හා ජනජීවිත අර්බුදය හට ගැනීමෙන් පසු ශ්‍රී ලංකාවට හිමිව ඇති විශාලතමපූර්ණ ආධාරය මෙයයි. ශ්‍රී ලංකාවට ආහාර සහනාධාරයක් ලෙසටසහල් ටොන් දසදහසක් ලබා දෙමින් සිසු ආහාර ව්‍යාපෘතියට සහායක් දක්වන බවට චීනය ප්‍රතිඥා දී තිබේ.



ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම