බහුපාර්ශ්වික ආයතන, ව්‍යාජ තොරතුරු ව්‍යාප්තියට ඉඩ නොදී සත්‍ය මත පදනම්ව ක්‍රියාත්මක විය යුතු බව චීනය කියයි
2022-06-29 10:48:17
Share with:

ව්‍යාජ තොරතුරු ගෙතීම හා ව්‍යාප්ත කිරීම නතර කරන ලෙස චීනය ඇමරිකාව ඇතුළු ඇතැම් රටවලින් ඉල්ලීමක් කරයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 50 වැනි රැස්වීම යටතේ ඊයේ(28) පැවති ‘ව්‍යාජ තොරතුරු මගින් මානව හිමිකම්වලට එල්ල කරන අහිතකර බලපෑම් තුරන් කිරීම’ මැයෙන් යුත් සමුළුවට එක් වූ චීන නියෝජිතයා එම ඉල්ලීම කළේය.

දේශපාලන අරමුණුවලින් යුක්තව ඇමරිකාව ඇතුළු ඇතැම් රටවල් සෙසු රටවල් පිළිබඳ ව්‍යාජ තොරතුරු ගොතා  ව්‍යාප්ත කිරීමට වෑයම් දරමින් සිටියි. මානව හිමිකම් මුවාවෙන් සෙසු රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වන එම රටවල්, හිතාමතාම ඒකපාර්ශ්විකව සම්බාධක පනවා ඇත. ඉතිහාසයේ දී ඇමරිකාව බහුවරක් බොරු හා ගොතනු ලැබූ ව්‍යාජ තොරතුරු හේතු කොට ගෙන වෙනත් රටවල යුද්ධ දියත් කර තිබිණ. ඒවායෙන් එම රටවල ජනතාව දැඩි පීඩනය‍ට හා හිංසාවට ලක් විය. ඇමරිකාව ඇතුළු රටවල් එවන් ක්‍රියා නතර ‍කළ යුතු බව චීන නියෝජිතයා කියා සිටියි. එමෙන්ම  බහුපාර්ශ්වික ආයතන, ව්‍යාජ තොරතුරු ව්‍යාප්තියට ඉඩ නොදී සත්‍ය මත පදනම් ව මානව හිමිකම් ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විය යුතු බව ද ඔහු අවධාරණය කළේය.   

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම