විවේචන මධ්‍යයේ ජී7 සමුළුව අවසන්
2022-06-29 10:37:07
Share with:

ජි7 කණ්ඩායමේ නායක සමුළුව විවේචන මධ්‍යයේ නිමාවට පත්වෙයි.

තෙදින ජි7 කණ්ඩායමේ නායක සමුළුව ඊයේ(28) දකුණු ජර්මනියේ Bavaria හි  Garmisch-Partenkirchen හිදී අවසන් විය. ජි 7 කණ්ඩායමට ගෝලීය ප්‍රශ්නවලට මුහුණ දිය නොහැකි බැවින් එම සමුළුව විවිධ පාර්ශ්වවල විවේචනයන්ට ලක් වූ බව වාර්තා වී ඇත. එම සමුළුවේදී, යුක්රේන තත්ත්වය, දේශගුණික විපර්යාසය, පරිසර සුරක්ෂිතභාවය, ආර්ථීක පුනරුත්ථාපනය හා වසංගතයට මුහුණ දීම යන කරුණු සාකච්ඡා‍ කෙ‍රිණ. එමෙන්ම රුසියාවට සම්බාධක ශක්තිමත් කරන බවටත් යු‍ක්රේනය‍ට මූල්‍යාධාර, මානුෂීය හා යුධ ආධාර ලබා දෙනු ඇති බවටත්  එහිදී ප්‍රකාශ කෙරිණ.

ලෝක ජනගහණයෙන් සියයට 10 ක් පමණක් නියෝජනය කරන ජි7 කණ්ඩායම, වඩාත්  වැඩියෙන් ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සහයෝගයෙන් කටයුතු නොකළහොත් ගෝලීය ගැටලු විසඳීමට ඉන් සහායක් නො ලැබෙන බව ඇතැම් නිරීක්ෂකයෝ විශ්වාස කරති.

ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, කැනඩාව සහ ජපානය යන රටවල් 7න් ජී7 කණ්ඩායම සමන්විත ය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම