දරිද්‍රතාවය තුරන් කිරීමට චීනය අනුගමනය කළ කාර්යක්ෂම වැඩපිළිවෙළ
2022-06-29 12:46:12
Share with:

ආර්ථිකය සම්බන්ධව තීරණ ගැනීමේ දී ආර්ථිකය පිළිබඳ සිදු කෙරෙන පර්යේෂණ ඉතා වැදගත් වනු ඇත. එමෙන්ම දත්ත සහ තොරතුරු මත පදනම්ව ආර්ථික තීරණ ගැනීම හරහා ජනතාවට සිදු වන ඍණාත්මක බලපෑම අවම කිරීමට හා ධනාත්මක බලපෑම් වැඩි කිරීමට හේතු වේ. ප්‍රතිපත්ති තීරණ ගැනීමේ දී අනපේක්ෂිත සිදුවීම් විය හැකි බැවින් මනා දැක්මක් සහිතව සහ සමස්තය පිළිබඳ අවධානය යොමු කොට තීරණ ගැනීම ඉතාම වැදගත් බව ආර්ථික විශ්ලේෂක දනනාත් ප්‍රනාන්දු මහතා පවසයි.

චීනය සෑම විටම දත්ත හා තොරතුරු මත පදනම් වූ තීරණ ගැනීමේ ක්‍රියාවලියකට යොමුව සිටී. එක් තීරයක් එක් මාවතක් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී ද පර්යේෂණ මත අවධානය යොමු කොට සේද මාවත යළි සංකේන්ද්‍රණය කිරීමට කටයුතු කර ඇත. ලෝකය සමග පවතින්නා වූ සබඳතාවයන් ඉතා දියුණු මට්ටමකට ගෙන ඒමට ද චීනය සමත්ව ඇත. වඩා වැදගත් වන්නේ චීනය, දත්ත හා තොරතුරු මත පදනම්ව දිළිඳුකම තුරන් කිරීමට කටයුතු කළ ආකාරයයි. එසේම චීනය තුළ විශාල පර්යේෂණ ආයතන ගණනාවක් පිහිටා ඇත. ආර්ථිකය, තාක්ෂණය සහ විද්‍යාව සම්බන්ධ අංශයන්ට අදාළව පර්යේෂණ ගණනාවක් අවසන් කර ඇත. චීනය විසින් ලෝකයේ රටවල් හා සම්බන්ධ වෙමින් සහ ආයෝජන සිදු කරමින් ගෙන යන වැඩපිළිවෙළ තුළ විද්‍යාත්මක ක්‍රමවේදයන් අනුගමනය කරන බව පෙනී යයි.

කොවිඩ් වසංගතය හමුවේ චීනය ක්‍රියා කළ ආකාරය ඉතා වැදගත් වේ. ඒ අවස්ථාවේ දී එන්නතක් නිෂ්පාදනය කිරීම තුළ ද ඔවුන්ට සාර්ථකත්වයට පත් වීමය හැකි විය. එපමණක් නොව, එය ලෝකයේ අන් රටවලට ද ලබා දීම ඉතා ප්‍රශංසනීය කරුණක් බව දනනාත් මහතා ප්‍රකාශ කළේය .

වෙළෙඳපොළ ක්‍රමය තුළ කාර්යක්ෂමතාවය වැඩි කිරීම හරහා චීනය දියුණුව කරා යොමු විය. ආයෝජනයට සුදුසු පරිසරයක් රට තුළ නිර්මාණය කිරීමට කටයුතු කළ හෙයින් දරිද්‍රතාවය තුරන් කිරීමට සමත් විය. චීන ජනතාව ලෝකය පුරා සංචාරය කිරීම හරහා අද වන විට ලෝකයේ රටවල්වල ආර්ථිකයන් සක්‍රීය වී ඇති බව ඔහු පවසයි. එමෙන්ම චීන ආයෝජන හරහා ලෝකයේ රටවල් සම්බන්ධ වීම තුළ යහපත් ආර්ථික ප්‍රවණතාවයක් නිර්මාණය වී ඇති බව ආර්ථික විශ්ලේෂක දනනාත් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම