ඇමරිකා යෝජනාව ඉවත දැමු නේපාලය නොබැඳි පිළිවෙත සුරකී!
2022-06-28 21:03:59
Share with:

                 

                  නේපාල-ඇමරිකානු ජනපද හවුල්කාරීත්ව වැඩසටහන ක්‍රියාවට නැංවීම නතර කරන බව පසුගිය දා නේපාල කැබිනට් මණ්ඩලය තීරණය කළේය. මෙය ඇමරිකාව ක්‍රියාත්මක කරන ඉන්දු-පැසිෆික් උපාය මාර්ගයට ඇති වූ බාධාවක් බව දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දී ඇත.

                  ජනපද හවුල්කාරීත්ව වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ ඇමරිකාවේ විවිධ ජනපදවල මහජන ආරක්ෂක බලකායන් හා  හවුල්කාරී රටවල් අතර පවතින සහයෝගිතා වෙනුවෙනි. පසුගිය සියවසේ සිට ආරම්භ කෙරුණු මෙම වැඩසටහන මගින් විවිධ රටවල ජාතිකාරක්ෂක බලයන් තහවුරු කිරීමට උපකාර කරන බව ඇමරිකාව කියා සිටී. එහෙත් එය ඇත්ත වශයෙන් ඇමරිකාව සෙසු රටවලට සිය යුදමය බලය රිංගවීමට යොදා ගන්නා උපක්‍රමයකි.

                  චීනය හා ඉන්දියාව යන රටවල් දෙකට යාබද ව පිහිටි නේපාලයට ඇත්තේ ඉතාම විශේෂ භූගෝලීය වැදගත්කමකි. මෑත වසරවල ඇමරිකාව සිය ඉන්දු-පැසිෆික් උපාය මාර්ගය අඛණ්ඩව ශක්තිමත් කරමින් නේපාලය එම උපාය මාර්ගයට ඇතුළත් කිරීමට දැඩි වෑයමක් දරමින් සිටී. එහෙත්‍ නේපාලය ඇමරිකාවේ එම චේතනාව ක්‍රියාවට නංවාලීමට ඉඩ දී නොමැත. පසුගිය දා නේපාල-ඇමරිකානු ජනපද හවුල්කාරීත්ව වැඩසටහන නතර කිරීමට තීරණය කළ එරට කැබිනට් මණ්ඩලය කියා සිටියේ එම තීරණය නේපාලයේ ජාතික යහපතට ගැලපෙන බවයි.  එම තීරණය නේපාලය දිගු කලක් අනුගමනය කරන ‍නොබැඳි පිළිවෙත හා සමබර රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්තියට ගැලපෙන බව ද නේපාලය කැබිනට් මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම