භූමිකම්පාවෙන් විපතට පත් ඇෆ්ගනිස්ථානයට චීන රජයේ ප්‍රථම සහනාධාර තොගය ළඟා වේ
2022-06-28 11:44:48
Share with:

ඇෆ්ගනිස්ථානයේ භූමිකම්පාවෙන් විපතට පත් ප්‍රදේශවලට චීන රජය පිරිනමන ප්‍රථම සහනාධාර තොගය එරටට ළඟා වේ. ඇෆ්ගනිස්ථානයේ චීන තානාපතිවරයා සහ එරට තාවකාලික රජයේ ජාතික ආපදා සහ මානුෂීය කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍යවරයා ඊයේ (27) පැවති එම ද්‍රව්‍ය භාරදීමේ උත්සවයට එක් වූහ.

විපතට පත් ප්‍රදේශවලට චීන යුවාන් මිලියන 50 ක හදිසි මානුෂීය ආධාර ලබාදීමට චීන රජය වහා තීරණය කළ බව ඇෆ්ගනිස්ථානයේ චීන තානාපතිවරයා එහිදී පැවසීය. චීනය ඇෆ්ගනිස්ථානයට ආධාර කරන බවට පොරොන්දු වූ පරිදි සියලුම ආහාර එරටට ළඟා වී ඇති අතර, බෙදා හැරීම ද  කඩිනමින් සිදුවන බව හෙතෙම ප්‍රකාශ කළේය.

භූමිකම්පාව සිදුවීමෙන් පසු, හදිසි සහනාධාර ලබා දීම පිළිබඳව චීනයට හෘදයංගම ස්තුතිය පළකරන බවඇෆ්ගනිස්ථානයේ තාවකාලික රජයේ ජාතික ආපදා සහ මානුෂීය කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍යවරයාඑහිදී පැවසීය.  ඒවා මෙම අවස්ථාවේ තම රටට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බව ද හෙතෙම කියාසිටියේය.


ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම