කිසිදු ආයෝජනයකින් තොරව වංචාවෙන් ප්‍රතිලාභ ඉපයීමේ ඇමරිකානු කූඨ ප්‍රයත්න නිසැකවම අසාර්ථක වනු ඇත
2022-06-28 10:11:35
Share with:

ඇමරිකානු ජනාධිපති Joe Biden 26වැනිදා පැවති ජී7 නායක සමුළුවේදී“ගෝලීය යටිතල පහසුකම් හවුල්කාරී සබඳතා”යන තේමාවෙන් යෝජනාවක්  ඉදිරිපත් කළේය. 2027 වන විට ගෝලීය යටිතල පහසුකම් ආයෝජනය සඳහා ඩොලර් බිලියන 600ක් එක්රැස් කිරීමට ජී 7 රටවල් සමඟ එක්ව කටයුතු කරන බවත්, ඇමරිකාව ඩොලර් බිලියන 200ක් රැස් කරනු ඇති බවත් එම ප්‍රකාශයේ සඳහන් වේ.

Joe Biden ගේ කතාවේදී චීනය ගැන සඳහන් නොකළද, "මෙය චීනය ඉදිරිපත් කරන දේ වෙනුවට තවත් තේරීමක් විය හැකිය" යනුවෙන් ඇමරිකානු ජාතික ආරක්ෂක උපදේශක Jake Sullivan ඊට පෙර පැහැදිලි කර තිබිණ.

චීනය ඉදිරිපත් කර ඇති "එක් තීරයක් එක් මාවතක්" වැඩපිළිවෙළ රටවල් 100කට අධික සංඛ්‍යාවක ඉහළ පිළිගැනීමට ලක්ව ඇත්තේ, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ ජයග්‍රාහී ප්‍රතිඵල සඳහා ලෝකය සමඟ සංවර්ධන අවස්ථා බෙදාගැනීම චීනයේ අභිප්‍රාය නිසා  බව ඇමරිකානු පාර්ශ්වය තේරුම් ගත යුතුය.

"එක් තීරයක් එක් මාවතක්" වැඩපිළිවෙළ ඉදිරිපත් කිරීමෙන් පසු, වසර 9 ක් තුළ ඊට සම්බන්ධ රටවල ජනතාවට ප්‍රායෝගික ප්‍රතිලාභ අත්කර දී ඇති බව සනාථ කර තිබේ. “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ යටතේ සියලුම ප්‍රවාහන යටිතල පහසුකම් ව්‍යාපෘති ක්‍රියාත්මක කළහොත්, 2030 වන විට, එය ලෝකයට වාර්ෂිකව ඩොලර් ට්‍රිලියන 1.6 ක ආදායමක් ලබාදෙනු ඇතැයි ලෝක බැංකුව ඇස්තමේන්තු කරයි. 2015 සිට 2030 දක්වා කාලය තුළ මිලියන 7.6 ක ජනතාවක් අන්ත දරිද්‍රතාවයෙන් මුදාගැනෙනු  ඇති අතර, මිලියන 32 ක ජනතාවක් මධ්‍යස්ථ දරිද්‍රතාවයෙන් මුදාගැනීමට ද අපේක්ෂා කෙරේ.

ඇමරිකානු දේශපාලනඥයන් ඉදිරිපත් කළ යටිතල පහසුකම් සැලැස්ම සැබවින්ම සංවර්ධනය වෙමින් පවතින රටවලට දායක වීම සඳහා නොවන අතර, එය කුඩා කවයක් තුළ ක්‍රියාත්මක, එක් පාර්ශ්වයක් අනෙක් පාර්ශ්වයේ අවශ්‍යතා අත්කර ගැනීමේ ක්‍රීඩාවක්  පමණක් නම්, කුමක් කළත් එම සැලැස්ම අසාර්ථක වනු ඇත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම