14වැනි බ්‍රික්ස් රාජ්‍යනායක සමුළුවෙන් ආර්ථිකයේ සහ වෙළඳාමේ ඉහළ ප්‍රතිඵල
2022-06-28 09:45:53
Share with:

14වැනි බ්‍රික්ස් රාජ්‍යනායක සමුළුවෙන් ආර්ථිකයේ සහ වෙළඳාමේ ඵලදායී ප්‍රතිඵල හිමිකර දී ඇතැයි චීන වාණිජ අමාත්‍යාංශය පවසයි.

බ්‍රික්ස් රාජ්‍යනායක සමුළුව, එම රටවල ඩිජිටල් ආර්ථික හවුල්කාරිත්ව රාමුව අනුමත කර තිබේ. මෙම රාමුව බ්‍රික්ස් රටවල ඩිජිටල් ආර්ථික සහයෝගිතාව පුළුල් කිරීම සඳහා වැදගත් එකඟතාවයක් ගොඩනඟා ගෙන ඇත. එසේම, එම සහයෝගිතා පිළිබඳ නව ක්‍රියාවලියක් ද විවෘත කර ඇති අතර, ඩිජිටල් ආර්ථික සහයෝගිතාවන්හි මීළඟ පියවර ස්ථාවර හා දිගුකාලීනව ප්‍රවර්ධනය සඳහා යහපත් පදනමක් ද සකසා ඇති බව චීන වාණිජ අමාත්‍යාංශයේ, ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් Chen Chao මහතා පැවසීය.

එමෙන්ම, බ්‍රික්ස් රටවල වෙළඳාම, ආයෝජන සහ තිරසර සංවර්ධන මුලපිරීම මෙවර සමුළුවේදී ඉදිරිපත් කෙරිණ. එමගින් බ්‍රික්ස් රටවල් කර්මාන්ත සහ තාක්‍ෂණික ක්ෂේත්‍රයන්හි ඔවුන්ගේ අනුපූරක වාසි ප්‍රයෝජනයට ගැනීම, හරිත හා අඩු කාබන් සංක්‍රාන්තිය තුළින් ගෙන එන නව අවස්ථා ඒකාබද්ධව ප්‍රයෝජනයට ගැනීම සහ උසස් තත්ත්වයේ සංවර්ධනයක් ළඟා කර ගැනීම ප්‍රවර්ධනය කරනු ඇතැයි Chen Chao මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම