මෙරට ගෑස් කැනීම් සිදු කිරීමට කඩිනමින් මාර්ග සිතියමක් සකස් කරන ලෙසට කෝපා කමිටුවෙන් උපදෙස්
2022-06-27 18:21:07
Share with:

මෙරට භූමියේ අවශ්‍ය කැනීම් සිදුකර ගෑස් සහ බොරතෙල් ලබාගැනීම සඳහා සවිස්තරාත්මකව තොරතුරු ඇතුළත් කරන ලද මාර්ග සිතියමක් සකස් කරන ලෙසට කෝපා කමිටුව විසින් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දෙයි.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන්ට මෙම උපදෙස් ලබා දී ඇත.

 මෙහිදී ශ්‍රී ලංකාවේ සැලසුම් කොට ඇති ස්වභාවික වායු කැනීමේ ව්‍යාපෘති (LNG) පිළිබඳව සහ ඒවායේ වර්තමාන තත්ත්වය පිළිබඳ ඉදිරිපත් කිරීමක් අමාත්‍යංශ නිලධාරීන් සිදු කළ අතර මෙම කැනීම් සඳහා විවිධ බාධාවන් පවතින බවද ඔවුහු පෙන්වා දුන්හ.

 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම