ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති, ජනාධිපති ජෝ බයිඩන් හමුවෙයි
2022-06-26 15:23:50
Share with:

ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා එරට ජනාධිපති ජෝ බයිඩන් මහතා හමුවෙයි. වොෂින්ටනයේ ධවල මන්දිරයේ පිහිටි ඕවල් ඔෆිස් නමැති ජනාධිපති නිල කාර්යාල පරිශ්‍රයේදී එම හමුව ඊයේ (25) පැවැත්විණ.

ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව ඇමරිකානු ජනාධිපතිවරයාට කරුණු පැහැදිලි කිරීම හමුවේ අරමුණයි.   මහින්ද සමරසිංහ මහතා මෙහිදී ශ්‍රී ලංකාවේ තත්ත්වය මෙන්ම, රටේ පවතින දුෂ්කරතා සහ අවශ්‍යතා පිළිබඳව ද ජනාධිපතිවරයාට කරුණු පැහැදිලි කර තිබේ.  ශ්‍රී ලංකාවට තවදුරටත් ඇමරිකානු සහය ලබාගැනීමේ ක්‍රමවේදයන් කෙරෙහි  එහිදී විශේෂ අවධානය යොමු වූ බව, වොෂින්ටන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දෙයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම