තෙල් මිල නැවතත් ඉහළ
2022-06-26 16:01:12
Share with:

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම යළිත් ඉන්ධන මිල ඉහළ දමා තිබේ.

ඒ අනුව,  අද (26)  අලුයම 2.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රු. 550ක් වේ. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රු.470ක් වන අතර, ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 460 කි.

මේ අතර, විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්  පවසන්නේ දිවයිනට ඉන්ධන නෞකාවක් යළි පැමිණෙන දිනයක් නිශ්චිතව කිව නොහැකි බවයි.  බැංකු සහ සැපයුම් හේතු මත නියමිත වේලාවට පැමිණිය නොහැකි බව සැපයුම්කරුවන් දන්වා ඇතැයි අමාත්‍යවරයා කියයි.

 මීළඟ ඉන්ධන නෞකාව පැමිණ එහි ගොඩබෑමේ කටයුතු සිදු වන තෙක් පවතින තොග පොදු ප්‍රවාහනය, විදුලිබල උත්පාදනය සහ කර්මාන්ත සඳහා ප්‍රමුඛත්වය දී බෙදාහැරෙනු ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම