ජාත්‍යන්තර න්‍යාය පත්‍රය තුළ සංවර්ධනයට ප්‍රමුඛතාව ලබා දිය යුතුය යන්න චීන ජනපති අවධාරණය කරයි
2022-06-25 20:26:13
Share with:

ගෝලීය සංවර්ධනය පිළිබඳ ඉහළ මට්ටමේ සංවාදය චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(24) රාත්‍රියේ බෙයිජිංහිදී වීඩියෝ ආකාරයෙන් පැවැත්විණ. එහිදී දේශනයක් පැවැත්වූ හෙතෙම පසුගිය සියවසේ හැටේ දශකයේ අග, තමා කුඩා ගම්මානයක ගොවියෙකු ලෙස කටයුතු කළ යුගයේ මුහුණ පෑ සිදුවීම් හා අත්දැකීම් විග්‍රහ කළේ ය. එවකට එහි ජනතාව විඳි දුක් පිළිබඳ තමා මැනවින් අවබෝධ කර ගත් බව පැවසූ ෂී ජින් පිං මහතා, අඩසියවසකින් පසු එම කුඩා ගම්මානයට නැවත ගොස් ජනතාවගේ දුක සැප විමසා බැලීමේදී ඔවුන් සුවදායක ජීවිතයක් ගත කරමින් සිටින ආකාරය දැක ගත්තේ ය.

ජනතාවට සුවදායක ජීවිතයක්, සුසංගත සමාජයක් මෙන් ම තම අභිප්‍රායයන් ද සාක්ෂාත් කර ගත හැක්කේ සංවර්ධනය තුළින් පමණක් යන්න රාජ්‍ය පාලනයේදී ප්‍රත්‍යක්ෂ කළ යුතු කාරණාවකි. මෙය, චීනයේ සභාපතිත්වයෙන් මෙම වසරේ පැවති බ්‍රික්ස් සමුළුවේ සංවර්ධනය ප්‍රධාන කරගත් අභිප්‍රාය ද වේ.

වර්තමානයේ, ගෝලීය ආර්ථික ප්‍රකෘතිමත්වීම ප්‍රශස්ත අයුරින් සිදුනොවේ. ලොව පුරා 70ක පමණ රටවල බිලියන 1.2ක ජනගහණය නව කොරොනා වසංගතය, ආහාර, බලශක්ති හා ණය අර්බුදයට මුහුණ දෙමින් සිටිති. එක්සත් ජාතීන්ගේ 2030 වසරේ තිරසර සංවර්ධන න්‍යාය පත්‍රය ඉෂ්ට කරගැනීම ප්‍රබල පීඩාවන්ට ලක් ව ඇත. ‘ සංවර්ධන හිඟය ’ නිරාකරණය කරන්නේ කෙසේ ද ? ජාත්‍යන්තර න්‍යාය පත්‍රය තුළ සංවර්ධනයට ප්‍රමුඛතාව ලබා දිය යුතුය යන්න ඊට නිසි පිළිතුර වේ.

මෙවර ගෝලීය සංවර්ධනය පිළිබඳ ඉහළ මට්ටමේ සංවාදය පැවැත්වීම මගින්, ගෝලීය සංවර්ධන මුලපිරීම අනුගමනය කිරීමේ ආරම්භය පිළිබිඹු කෙරේ. පුළුල් වාසි සහගත, සමබර, ඉවසිලි සහගත, පොදු-ජයග්‍රාහී සංවර්ධන ක්‍රමවේදය පොදුවේ නිර්මාණය කිරීමේ අවශ්‍යතාව ෂී ජින් පිං මහතා මෙහිදී තහවුරු කර තිබේ. ‘ ගෝලීය සංවර්ධනීය හවුල්කාරීත්වය පොදුවේ ගොඩනැංවීම ’ ඇතුළු මුලපිරීම් කිහිපයක් ඔහු විසින් ඉදිරිපත් කරනු ලැබීය. මේවා ගෝලීය සංවර්ධන මුලපිරීම් හා සමාන දිශාවක පවතී. මෙය සංවර්ධනයේදී මුහුණ පා සිටින අසීරුතාවන් මැඩලීමට චීනය විසින් සැපයූ නවතම සැකැස්මක්  බව ද තහවුරු වෙයි.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම