චීනය විසින් සැපයෙන ප්‍රථම සහනාධාර තොගය ලබන 27වැනි දා ඇෆ්ගනිස්ථානයට
2022-06-25 19:24:25
Share with:

චීනය විසින් සැපයෙන ප්‍රථම ආධාර සැපයුම් ලබන 27වැනි දා ඇෆ්ගනිස්ථානය බලා පිටත් ව යයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද(25) මේ බව ප්‍රකාශ කළේ ය.

ඇෆ්ගනිස්ථානයේ හටගත් භූමි කම්පනයෙන් පසු, චීන යුවාන් ‍කෝටි 5ක වටිනාකමින් යුත් හදිසි මානුෂීය සහනාධාරයක් ඇෆ්ගනිස්ථානයට ලබාදීමට චීන රජය තීරණය කළ බව ඔහු සඳහන් කළේ ය. එහි ප්‍රථම තොගය ලබන 27වැනි දා විශේෂ ගුවන් යානයක් මගින් එරටට යැවෙනු ඇත. චීනය ඇෆ්ගනිස්ථානයේ තාවකාලික රජය සමග එක්ව, අදාළ සහනාධාර සැපයුම් පීඩාවන්ට ලක්වූවන් වෙත නිසිලෙස බෙදා හැර ඔවුන් මුහුණ පා සිටින අසීරුතා මැඩලීමට සහය වන බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා පැවසීය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම