ඇෆ්ගනිස්ථානයේ හටගත් දැඩි භූමිකම්පාව සම්බන්ධයෙන් චීනයේ සංවේගය
2022-06-25 18:21:40
Share with:

ඇෆ්ගනිස්ථානයේ හටගත් දැඩි භූමිකම්පාව සම්බන්ධයෙන් චීන විදේශ ඇමතිවරයා සිය සංවේගය පළ කරයි.

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික සහ විදේශ ඇමති වං යී මහතා ඊයේ (24) ඇෆ්ගනිස්ථාන අන්තර්වාර රජයේ වැඩ බලන විදේශ ඇමති අමීර් ඛාන් මුතාකි මහතා වෙත ‍ ශෝක පණිවුඩයක් යවමින් සිය සංවේගය පළ කළේ ය. එම අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූවන් පිළිබඳව ශෝකය පළ කරමින් තුවාල ලැබූවන් හා මිය ගිය අයගේ ඥාතීන් වෙත අවංක සංවේගය හා සානුකම්පාව පළ කරන බව එම ශෝක පණිවුඩයේ සඳහන් වෙයි.

ඇෆ්ගනිස්ථාන ජනතාව මේ හදිසි විපතෙන් බේරාගෙන ජනජීවිතය හා නිෂ්පාදනයන් හැකි ඉක්මනින් යථා තත්වයට පත්වෙතැයි විශ්වාස කරන බව වං යී මහතා එහිදී සඳහන්  කළේය. මිත්‍ර අසල්වැසි රටක් වන චීනය, ඇෆ්ගනිස්ථානයේ අවශ්‍යතාවලට අනුව හදිසි මානුෂීය ආධාර හැකි තරම් සැපයීමට කැමැත්තෙන් සිටින බව ද වං යී මහතා එහිදී පැවසීය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම