බ්‍රික්ස් සහයෝගිතා ප්‍රතිඵල බලාපොරොත්තු වූවාට වඩා බෙහෙවින් වැඩි වූයේ ඇයි?
2022-06-24 21:16:59
Share with:

චීන ජනපති ෂී ජින් පිං මහතා ඊයේ (23)රාත්‍රියේ බෙයිජීංහිදී විඩියෝ ආකාරයෙන් පැවති  බ්‍රික්ස් රාජ්‍ය නායකයන්ගේ 14වැනි හමුවට සහභාගි වී වැදගත් දේශනයක් පැවත්වීය. ඓතිහාසික සංවර්ධනයේ තීරණාත්මක සන්ධිස්ථානයක දී අප නිවැරදි තේරීමක් කර,  වගකිවයුතු ක්‍රියාමාර්ග ගැනීම ලෝකයට ඉතා වැදගත් වන බව හෙතෙම එහිදී පෙන්වා දුන්නේය.

මෙය ලෝකයේ සංකීර්ණ තත්ත්වයන් පසුබිම් කරගෙන පවත්වන ලද වැදගත් රැස්වීමකි. නැගී එන වෙළඳපළ රටවල සහ සංවර්ධනය වෙමින් පවතින රටවල නියෝජිතයෙකු ලෙස, බ්‍රික්ස් සහයෝගිතා යාන්ත්‍රණයට වසර 16 ක් ගතවී තිබේ. දුෂ්කරතාවන්ට මුහුණ දීමට සහ අර්බුද, අවස්ථා බවට පත් කර ගැනීමට ධෛර්යයක් අවශ්‍ය  වේ. එසේම, ඊට  කොන්දේසි  පවතී. ආර්ථිකය සහ වෙළඳාම උදාහරණයක් ලෙස ගනිමින්, 2021 දී, බ්‍රික්ස් රටවල වෙළඳ පරිමාව 2006 වසරට වඩා 300% කින් වැඩි වූ අතර, ලෝක ආර්ථික ප්‍රකෘතිය සහ ආර්ථික වර්ධනයට නායකත්වය දෙන එන්ජිම බවට එම සංවිධානය පත් විය.

බ්‍රික්ස් හි විශාලතම ආර්ථික ස්ථාවරත්වයක් ඇති රට ලෙස, චීනය වසර පහකට පසු බ්‍රික්ස් රැස්වීමේ සභාපතිත්වය නැවත වරක් දරයි. නැවත වරක් බ්‍රික්ස් සහයෝගිතාව ජනප්‍රිය අපේක්ෂාවන්ට අනුකූලව මෙහෙයවයි.

මෙම රැස්වීමේදී චීන ජනාධිපතිවරයා බ්‍රික්ස්  රටවල් නව සහයෝගීතාවයේ ගමනක් ආරම්භ කිරීමේ දිශානතිය පෙන්වා දෙමින් යෝජනා හතරක් ඉදිරිපත් කළේය.මෙම යෝජනා බ්‍රික්ස් රටවල් අතර සහයෝගීතාව ප්‍රවර්ධනය  කෙරෙහි අවධානය යොමු කරනවා පමණක් නොව, ලෝක සාමය සහ සංවර්ධනය සඳහා " බ්‍රික්ස් විසඳුමක්" ද සපයයි. එම යෝජනා  බ්‍රික්ස් සහයෝගිතා ක්‍රියාවලියේ නවතම "චීන සලකුණ" තැබීමෙහි ද සමත් ව සිටී.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම