චීනයේ දුරස්ථ සංවේදී චන්ද්‍රිකා සමූහයක් සාර්ථකව උඩු ගුවනට
2022-06-23 11:35:08
Share with:

අද (23) චීනයේ ෂිඡං චන්ද්‍රිකා ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයේ සිට Long March 2 D ප්‍රවාහක රොකට්ටුව ආධාරයෙන් චන්ද්‍රිකා තුනකින් සමන්විත දුරස්ථ සංවේදී චන්ද්‍රිකා 35-02 සමූහ‍ය සාර්ථකව ගුවන්ගත ‍කෙරිණ. චන්ද්‍රිකා සාර්ථකව නියමිත කක්ෂයට ඇතුළු වී ඇති අතර ගුවන්ගත කිරීමේ මෙහෙයුම සම්පූර්ණ‍යෙන් සාර්ථක වී තිබේ. විද්‍යාත්මක අත්හදා බැලීම්, දේශ භූමි සම්පත් සංගණනය, කෘෂිකාර්මික නිෂ්පාදන ඇස්තමේන්තු කිරීම, ආපදා වැළැක්වීම සහ අවම කිරීම ඇතුළු ක්ෂේත්‍ර සඳහා මෙම චන්ද්‍රිකා සමූහය ප්‍රධාන වශයෙන් යොදා ගැනෙනු ඇත. මෙය Long March ප්‍රවාහක රොකට්ටු මාලාවේ 424 වන අභ්‍යාවකාශ ගමන ය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම