බ්‍රික්ස් රටවල රාජ්‍ය නායකයන්ගේ 14වැනි සමුළුව චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්
2022-06-23 21:04:48
Share with:

14වැනි බ්‍රික්ස් රාජ්‍යනායක සමුළුව ඇරඹේ.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් 14වැනි බ්‍රික්ස් රාජ්‍යනායක සමුළුව අද(23) රාත්‍රි බෙයිජිංහි සිට වීඩියෝ ආකාරයෙන් පැවැත්වේ. “අධි ගුණාත්මක හවුල්කාරී සබඳතා ගොඩනගා ගෝලීය සංවර්ධනයේ නව යුගයක් පොදුවේ නිර්මාණය කිරීම”මෙවර එහි තේමාව යි.

ජනාධිපතිවරයා මෙහිදී පෙන්‍වා දුන්නේ, ගතවූ වසර තුළ, නව කොරොනා වසංගතය පුළුල් ලෙස පැතිර ගිය අතර, ලෝක ආර්ථිකය ප්‍රකෘතිමත් වීම සුමට අයුරින් සිදුනොවූ  බවයි. සාමය හා ආරක්ෂාව හා සම්බන්ධ ගැටළු කැපී පෙනෙන ලෙස ඉස්මතු වී ඇත. බ්‍රික්ස් ක්‍රමවේදය උද්‍යෝගය හා නම්‍යශීලීභාවය පෙන්නුම් කර තිබේ. බ්‍රික්ස් සහයෝගිතා ප්‍රශස්ත ප්‍රගතියක් අත් කරගෙන ඇත. මෙවර හමුව, මානව සමාජය ඉදිරියට ගමන් කරන්නේ කෙසේ දැයි යන්න පිළිබඳ වැදගත් අවස්ථාවක් වන බව ෂී ජින් පිං මහතා අවධාරණය කරයි. බ්‍රික්ස් රටවල්,  නැගී එන වෙළඳපොළ සහිත රටවල් හා සංවර්ධනය වෙමින් පවතින රටවල් ලෙස තමාට පැවරී තිබූ වගකීම් හා යුතුකම් අභිමානයෙන් දැරිය යුතු ය. එසේම, ලෝකය වෙනුවෙන්, සක්‍රිය, ස්ථාවර හා සංවර්ධනාත්මක බලවේග සැපයිය යුතු බවද චීන ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

බ්‍රික්ස් සහයෝගිතාවේ විශිෂ්ට සංවර්ධනය ප්‍රවර්ධනයට පොදුවේ ප්‍රඥාවෙන් දායක වීම සඳහා “අධිගුණාත්මක හවුල්කාරී සබඳතා ගොඩනගා, ගෝලීය සංවර්ධනයේ නව යුගයක් පොදුවේ නිර්මාණය කිරීම”යන තේමාව යටතේ පුළුල් ලෙස අදහස් හුවමාරු කිරීමට බලාපොරොත්තු වන බව ෂී ජින් පිං මහතා එහිදී පැවසීය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම