චීනය "යුගයේ ප්‍රශ්නය" විසඳා ගැනීමට සැබෑ කැපවීමකින් එක්වෙයි
2022-06-23 20:55:57
Share with:

"ලෝකය යන්නේ කොතැනටද? සාමය හෝ යුද්ධය? සංවර්ධනය හෝ අවපාතය? විවෘතභාවය හෝ සංවෘතභාවය? සහයෝගීතාවය හෝ ගැටුම?" ඊයේ (22) සවස පැවති BRICs ව්‍යාපාරික සංසදයේ සමාරම්භක උත්සවයේදී චීන ජනාධිපතිවරයා වීඩියෝ ආකාරයෙන් කළ දේශනය "යුගයේ ප්‍රශ්නය" ඉදිරිපත් කළ අතර එය විමර්ශනාත්මක වේ.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා විසින් මෙහිදී ඉදිරිපත් කරන ලද මුලපිරීම ප්‍රධාන කරුණු හතරකින් සමන්විතය. ලෝක සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා  එක්සත් වී  වැඩ කළ යුතුය, ගෝලීය තිරසර සංවර්ධනය ඒකාබද්ධව ප්‍රවර්ධනය කළ යුතුය, ජයග්‍රාහී සහයෝගීතාවය ළඟා කර ගැනීම සඳහා එක්ව වැඩ කළ යුතුය සහ විවෘතභාවය හා ඒකාබද්ධතාවය පුළුල් කළ යුතුය යන එම සිව්වැදෑරුම් කරුණු සහිත මුලපිරීම, සාමය පවත්වා ගැනීම සහ සංවර්ධනය පිළිබඳව ලෝකයට ප්‍රබල පණිවිඩයක් නිකුත් කිරීමකි. සෑම රටකම ජනතාවගේ පොදු අපේක්ෂාව පිළිබිඹු කරන එය "යුගයේ ප්‍රශ්නයට" සවිස්තරාත්මක පිළිතුරක් සපයා ඇත.

සංවර්ධනය යනු සියලු ගැටලු විසඳීමේ ප්‍රධාන යතුර වන අතර එය මෙම BRICs සමුළුවේ වැදගත් තේමාවක් ද වේ. වසර පහකට පසු මෙවර BRICs සමුළුවේ සභාපතිත්වය චීනයට හිමි වේ. BRICs සහයෝගිතාව බහුපාර්ශ්විකත්වය සාර්ථක වීමකි. එය ගෝලීය සංවර්ධන ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනයට චීනය දරන ප්‍රයත්නයන් අවබෝධ කරගෙන ඇත.

මෙම දේශනයේදී ෂී ජීන් පීං මහතා ඉදිරිපත් කළ යෝජනා වර්තමාන ගෝලීය සංවර්ධනය මුහුණ දෙන පීඩාකාරී අභියෝග සෘජුවම පෙන්වා දෙන අතර, ආර්ථික ගෝලීයකරණය සහ පොදු සංවර්ධනය ප්‍රවර්ධනය සඳහා වැඩි සහායක් ලබා දෙමින් ඒවා විසඳන්නේ කෙසේද යන්න පිළිබඳ යුගයේ ප්‍රශ්නය විසඳා ගැනීමට ප්‍රශස්ත පිළිතුරක් ඉදිරිපත් කරයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම