භූමි කම්පාවෙන් විපතට ලක්වූ ඇෆ්ගනිස්ථාන ජනතාවට සහනාධාර ලබා දෙන ලෙසට එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා‍ ‍ගෙන් ජගත් ප්‍ර‍ජාවට ඉල්ලීමක්
2022-06-23 10:02:05
Share with:

භූමි කම්පාවෙන් විපතට ලක්වූ ඇෆ්ගනිස්ථාන ජනතාවට සහනාධාර ලබා දෙන ලෙසට එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ජගත් ප්‍ර‍ජාවෙන් ඉල්ලීමක් කරයි. 

එක්සත් ජාතීත්ගේ මහ ලේකම් António Guterres මහතා ඊයේ (22) නිවේදනයක් නිකුත් කරමින් එම ඉල්ලීම සිදු කළේය. නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ භූමි කම්පාවෙන් සිදුවූ ජීවිත හානි සහ තුවාලවීම්  කෙරෙහි දැඩි ශෝකය පළ කරමින්  António Guterres මහතා විපතට ලක්වූ ඇෆ්ගනිස්ථාන ජනතාව සඳහා සහනාධාර ලබා දෙන ලෙසට ජගත් ප්‍රජාවෙන් ඉල්ලා සිටී.ඇෆ්ගනිස්ථානයේ රැඳී සිටින එක්සත් ජාතී‍න්ගේ සංවිධානයට අයත් ආයතන දැනට පූර්ණ ලෙස සහන මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.භූමි කම්පාවෙන් ඇති වූ මානව අවශ්‍යතා තක්සේරු කරමින් අදාළ ආයතන ඊට මූලික සහාය ලබා දී ඇති බවද හෙතෙම පැවසීය. 

චීන භූමි කම්පාව නිරීක්ෂණ ජාලයට අනුව, නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ ඊයේ (22) වනදා අලුයම රිච්ටර් මාපක 6.2ක භූමි කම්පාවක් සිදු විය. මේ වනවිට එම භූමි කම්පාවෙන් 940 දෙනෙකු මිය ගිය අතර 610 දෙනෙකුට තුවාල සිදුව ඇති බව ඇෆ්ගනිස්ථාන අන්තර් කාලීන රජය කාබුල් හිදී ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේය. 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම