ෂින්ජ්‍යංට එරෙහි ඇමරිකානු දුෂ්ට නීතිය ගෝලීය කාර්මික දාමයේ නිර්ඇමරිකානුකරණය පිළිබඳ සංකේතාත්මක සිද්ධියයි
2022-06-23 16:59:55
Share with:

පසුගිය 21 වැනිදා, ඊනියා උයිගුර් බලහත්කාර ශ්‍රමය වැළැක්වීමේ පනතට අනුව, ඇමරිකාවේ රේගු සහ දේශසීමා ආරක්ෂණ ඒජන්සිය, චීනයේ ෂින්ජ්‍යං හි නිෂ්පාදනය කෙරෙන භාණ්ඩ ඊනියා "බලහත්කාර ශ්‍රමයට" සම්බන්ධ වී ඇතැයි යන උපකල්පනයක් අනුව, ෂින්ජ්‍යං හා සම්බන්ධ සියලු නිෂ්පාදන ආනයනය කිරීම තහනම් කළේය. පදනම් විරහිතථ අසත්‍ය මත පදනම් වූ ඇමරිකාවේ හිස්ටීරියාව වෙළඳපොළ ආර්ථිකයේ නීති උල්ලංඝනය කරයි. සමස්තයක් වශයෙන් ගත් කල ඊට අවශ්‍ය වන්නේ වෙළඳාමෙන් චීනය "විසංයෝජනය" කිරීම සහ "ෂින්ජ්‍යං මගින් චීනය පාලනය කිරීම" සාක්‍ෂාත් කර ගැනීමයි. එසේම, ෂින්ජ්‍යං පමණක් නොව, සමස්ත චීනයම ගෝලීය කාර්මික දාමයෙන් බැහැර කිරීම ද ප්‍රමුඛ අරමුණකි.

ඇත්ත වශයෙන්ම, ලෝකයේ විශාලතම පාරිභෝගික වෙළඳපොල වන ඇමරිකාවට, ෂින්ජ්‍යං සම්බන්ධ සියලුම නිෂ්පාදිත බැහැර කිරීම ගෝලීය කාර්මික දාමයෙන් කපා හැරීමකි. එහෙත් එහිදී සැබෑවශයෙන් ම සිදු වන්නේ තමා විසින්ම නිර්ඇමරිකානුකරණය ව්‍යාප්ත කිරීමකි.

ෂින්ජ්‍යට එරෙහි මෙම දුෂ්ට නීතියේ විෂය පථයට ෂින්ජ්‍යං හි අමුද්‍රව්‍ය භාවිත කරන නිෂ්පාදන සහ උයිගුර් ජනතාව සේවය කරන ව්‍යවසායන් ද ඇතුළත් වන බැවින්, එහිදී සිදුවන්නේ ඇමරිකාව ෂින්ජ්‍යං නිෂ්පාදන බැහැර කිරීම පමණක් නොවේ. ඔවුන්ට අවශ්‍ය වන්නේ චීනය ලෝක වෙළඳ ක්ෂේත්‍රයෙන් විසංයෝජනය කර ගෝලීය කාර්මික දාමයෙන් කපා හැරීමයි.

ගෝලීයකරණය හේතුවෙන් ෂින්ජ්‍යං නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය ලෝකයේ බොහෝ ප්‍රදේශවලට අපනයනය කර ඇති අතර, ඒවා ගෝලීය කාර්මික දාමය පුරා ව්‍යාප්ත වී තිබේ. ෂින්ජ්‍යං සම්බන්ධ සියලුම නිෂ්පාදන බැහැර කිරීමේ සියුම් උත්සාහයක් ලෙස ඇමරිකානු පාර්ශ්වය ඊනියා "බලහත්කාර ශ්‍රමය" පිළිබඳ අසත්‍යය නිර්මාණය කළේය. සාරාංශයක් ලෙස, එය ඇමරිකාව විසින්ම තමා තහනමකට ලක් කරගැනීමක් මෙන්ම ගෝලීය වෙළඳපොළෙන් කපා හැරීමකි.

ඉතිහාසය ආපසු හරවා, අනුන්ගේ පාරවල් අවහිර කිරීමට උත්සාහ කළහොත්, අවසානයේ තමන්ට අවහිර වන්නේ තමන්ගේම මාර්ගය පමණක් බව කාලය සනාථ කරනු ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම