‘බ්‍රික්ස් රටවල ව්‍යාපාරික සංසදයේ බෙයිජිං මුලපිරුම’නිකුත් කෙරේ
2022-06-23 11:27:51
Share with:

‘බ්‍රික්ස් රටවල ව්‍යාපාරික සංසදයේ බෙයිජිං මුලපිරුම’ නිකුත් කෙරේ.

බ්‍රික්ස් රටවල නායක හමුවට සමකාලීන වැදගත් ක්‍රියාකාරකමක් වශයෙන් 2022 බ්‍රික්ස් ව්‍යාපාරික සංසදය ඊයේ(22) මාර්ගගත හා මාර්ගගත නොවන ලෙස බෙයිජිංහිදී පැවැත්විණ. චීන වෙළඳ ප්‍රවර්ධන කමිටුව එහි සත්කාරකත්වය දැරීය.  බ්‍රික්ස් රටවල ආර්ථික හා වෙළඳ ඇමතිවරු, තානාපතිවරු හා ව්‍යාපාරික නියෝජිතවරු 1000ක් පමණ ඊට සහභාගි වූහ. ‘බ්‍රික්ස් රටවල ව්‍යාපාරික සංසදයේ බෙයිජිං මුලපිරුම’එහිදී නිකුත් කෙරිණ.

එම මුලපිරුමට අනුව වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය සේවා සහයෝගතාව ව්‍යාප්ත කිරීම, විවෘතභාවය පිළිබඳ සංකල්පය පිලිපැදීම, ගෝලීය අඛණ්ඩ සංවර්ධනය ප්‍රවර්ධනය, ඩිජිටල් ආර්ථිකය සංවර්ධනය කිරීම, කර්මාන්ත දාමය හා සැපයුම් දාමයේ ස්ථීරභාවය  ශක්තිමත් කිරීම යනාදිය පිළිබඳව විවිධ පාර්ශ්වයන් එකඟතාවන්ට පැමිණ ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම