විදේශ කටයුතු අමාත්‍යවරයා සහ නවසීලන්ත විදේශ කටයුතු ඇමතිවරිය අතර හමුවක්
2022-06-23 18:01:06
Share with:


විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සහ නවසීලන්ත විදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍ය නනායා මහූටා මහත්මිය අතර ද්විපාර්ශ්වික හමුවක් පැවැත්වෙයි.  රුවන්ඩාවේ කිගාලි නුවර පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව හමුව ඊයේ (22) සිදුවිය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මේ වන විට කොළඹ දී පැවැත්වෙන මාණ්ඩලික මට්ටමේ සාකච්ඡා පිළිබඳව සඳහන් කර ඇති විදේශ අමාත්‍යවරයා ආහාර, ඉන්ධන සහ ඖෂධ සැපයීම සම්බන්ධයෙන් මෙරටට ලැබෙන සහයෝගයන් පිළිබඳව නවසීලන්ත විදේශ අමාත්‍යවරිය දැනුවත් කර ඇත.

ඉදිරි සති කිහිපය තුළ මූල්‍ය අවශ්‍යතා ආශ්‍රිතව කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව ද ඔහු අවධාරණය කර තිබේ. නවසීලන්තයෙන් සහ පොදුරාජ්‍ය මණ්ඩලයෙන් සහය ලබා ගැනීම සම්බන්ධයෙන් පවත්නා හැකියාව සොයා බැලීමට නවසීලන්ත විදේශ අමාත්‍යවරිය සිය එකඟතාව පළ කර ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම