ලොව ප්‍රමුඛතම සමාගම් රැසක් චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට
2022-06-22 14:43:37
Share with:

ලෝකයේ ප්‍රමුඛතම සමාගම් 500 ලැයිස්තුවේ සිටින සමාගම් සහ සෙසු කර්මාන්ත අංශවල ඉහළම මට්ටමේ සමාගම් 260 ක් 5 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට සහභාගී වීම සඳහා ගිවිසුම්ගත වී ඇත. 

චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ සංවර්ධනය නව යුගයේ චීනය අඛණ්ඩව විවෘත කිරීමේ විචිත්‍රවත් ආදර්ශයක් වන අතර, ලොව පුරා ව්‍යවසායන් අවස්ථා බෙදා ගෙන අන්‍යෝන්‍ය ප්‍රතිලාභ අත්කර ගැනීමට වැදගත් සාක්ෂියක් බව චීන වාණිජ අමාත්‍යංශ උප අමාත්‍ය Sheng Qiuping මහතා ඊයේ (21) එම ප්‍රදර්ශනයේ ගිවිසුම් අත්සන් කිරීමේ උත්සවයේදී පැවසීය. 

5 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය මෙම වසරේ නොවැම්බර් 5 සිට 10 දක්වා පැවැත්වීමට නියමිතය. විවිධ රටවල ප්‍රදර්ශන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ නිල වෙබ් අඩවියෙන් මාර්ගගතව පැවැත්වනු ඇත. මේ දක්වා බොහෝ රටවල් එම වැඩසටහනට සහභාගි වීම තහවුරු කර ඇත. 


ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම