එක් තීරයක් එක් මාවතක් හරහා සමීප වී ඇති චීන ඉන්දුනීසියා වෙළඳ සබඳතා
2022-06-22 14:45:12
Share with:

වසර 2013 ඔක්තෝබර් මස 3 වනදා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඉන්දුනීසියානු පාර්ලිමේන්තුවේ දී දේශනයක් කරමින් ප්‍රථම වරට ‘21 වන සියවසේ මුහුදු සේද මාවත පොදුවේ සංවර්ධනය කිරීම’ පිළිබඳ මුලපිරුම ඉදිරිපත් කළේය. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළළේ වැදගත් කොටසක් වශයෙන්, එම මුලපිරුම ඉදිරිපත් කොට ‍ගතවූ වසර අටක් පමණ තුළ චීනය හා ඉන්දුනීසියාව විවිධ ක්ෂේත්‍ර තුළ පවත්නා ප්‍රායෝගික සහයෝගතා ඵලදායික ප්‍රතිඵල බිහි කර තිබේ.

ඉන්දුනීසියානු Sin Po පුවත්පතේ ප්‍රධාන සංස්කාරක Bambang Suryono මහතා කී අන්දමට, දැනට ඉන්දුනීසියාවේ තාල වෘක්ෂ තෙල්, මුහුදු ආහාර නිෂ්පාදිත, ඛනිජ නිෂ්පාදිත, චීනය සමග වෙ‍ළඳාමේ දී වැදගත් භාණ්ඩ බවට පත්ව ඇත. රට තුළ 10කට වැඩි අධිවේගී මහ මාර්ග ඉදි කෙරෙමින් පවතින අතර ඉන් බහුතරයක් චීන සමාගම් විසින් ක්‍රියාත්මක කරනු ලබයි. ජන නිවාස, විදුලි බලාගාර, වාරි මාර්ග ඇතුළු බොහෝ චීන ඉන්දුනීසියානු සහයෝගතා ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙමින් පවතී. ඇ.ඩො. බිලියන පහක චීන ආයෝජනය සහිත Morowali කාර්මික කලාපයේ ඉන්දුනීසියානු කම්කරුවෝ ලක්ෂයක් පමණ සේවය කරමින් සිටිති. 

වර්තමානයේ ඉන්දුනීසියාවේ විශාලතම වෙළෙඳ හවුල්කරුවා හා වැදගත්ම ආයෝජන මූලාශ්‍ර රට බවට චීනය පත්ව ඇත. චීනය ඉන්දුනීසියාවේ විශාලතම අපනයන ගමනාන්තයක් වන අතර තම රට චීනයෙන් ද  විද්‍යා තාක්ෂණික නිෂ්පාදිත ආනයන කරන බව Bambang Suryono මහතා විස්තර කළේය. දෙරටේ සහයෝගතාව මත ඉදිරියේදී ඉන්දුනීසියාවට ලොව විශාලතම විදුලි මෝටර් රථ නිෂ්පාදකයා බවට වර්ධනය කර ගැනීමේ ඉඩකඩ පවතී. එය ද එක් තීරක් එක් මාවතක් වැ‍ඩපිළිවෙළේ ප්‍රතිඵලයකි. ඉන්දුනීසියාව හා චීනය එකිනෙකාට වාසී වන ආකාරවලින් සහයෝගතා පැවැත්වීම, ෂී ජින්පිං ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ‘පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව’ සංකල්පයේ ප්‍රායෝගික පිළිබිඹුවක් බව ද ඔහු සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම