ග්‍රාමීය පාසල්වල කලා අධ්‍යාපනයට නව සැලසුම්
2022-06-22 16:45:48
Share with:

Wang Liang, බටහිර චීනයේ Ningxia හුවෙයි ස්වයාත්තයේ Wuzhong නගරයේ ප්‍රාථමික පාසලක කලා ගුරුවරයෙක්. හැම සිකුරාදා ම හවස ඔහු සිය පාසලේ ඉගැන්වීමේ කටයුතු වල නිරත ‍තැතුව කිලෝමීටර් 20ක පමණ දුරින් පිහිටි කුඩා ගම්මාන පාසලකට යා යුතු යි. එහි ග්‍රාමීය දරුවන් 14 දෙනෙකුට ඔහු චිත්‍ර කලා අධ්‍යාපනය ලබා දෙනවා. සතියකට එක පන්තියක් පැවැත්වෙන නිසා ඔහු උපරිමයෙන් සිය දායකත්වය ලබා දෙනවා. ග්‍රාමීය දරුවන්ට කලා අධ්‍යාපන ලැබීමේ අවස්ථා හිමිවීම ගැන ඔහු ඉතා සතුටුයි.

2021 වසරේ සිට චීන අධ්‍යාපන සංවර්ධන අරමුදලේ සහය ඇතිව Ningxia හුවෙයි ස්වයාත්තය ග්‍රාමීය කුඩා පරිමාණ පාසල් වලට ගුරු සම්පත් සහය ලබා දීම සඳහා ජංගම ගුරුවරු පිළිබඳ සැලස්ම ක්‍රියාත්මක කළා. විශේෂයෙන්ම සංගීත, ක්‍රීඩාව හා කලාව යන විෂයන් හි නගරවල හෝ උප නගර වල සිටින සුදුසු ගුරුවරුන් ‍‍තෝරා ගෙන කුඩා පරිමාණ පාසල් වලට යොමු කිරීමට  සහය දෙනවා.ජංගම ගුරුවරු පිළිබඳ සැලස්ම යටතේ Ningxia හුවෙයි ස්වයාත්යේ මේ වනවිට ග්‍රාමීය දරුවන්ට ජංගම පාඩම් 800ක් පමණ ලබා දී තිබෙනවා. Wang Liang වගේ නගරවල සිටින ගුරුවරු බොහෝ පිරිසක් එම සැලස්මට සහභාගි වූණා.  

එම ජංගම ගුරු සැලස්මට එක්වන Liu Jia නම් සංගීත ගුරුවරිය පැවසුවේ එම සැලස්ම හරහා ග්‍රාමීය පාසල් කලා අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින අඩුපාඩු යම් මට්ටමකින් විසඳා ගත් බවයි. කලා අධ්‍යාපනය පාසල් අධ්‍යාපනය තුළ ඉටු කරන වැදගත් කාර්භාරය තහවුරු කළ හැකි බවත් වඩා වැඩි  ගුරුවරුන් පිරිසකට එම සැලස්මට ඇතුළත් විය හැකි බවත් ඇය අපේක්ෂා කළා. පසුගිය ජූනි මස පළමුදාට යෙදුණු චීන ළමා දිනය සඳහා ඇය ග්‍රාමීය දරුවන් 6 දෙනෙක් සංවිධාන කරමින් කලා සංදර්ශනයක් පැවැත්වූවා. දරුවන්ගේ දක්ෂතාව හා ආත්ම විශ්වාසය ඉන් පිළිබිඹු වීම සුවිශේෂියි. ග්‍රාමීය දරුවන්ට කලා අධ්‍යාපන සම්පත් අඛණ්ඩව ලබා දීමට ඇය කැමැත්තෙන් සිටිනවා.  

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම