ඊනියා " උයිගුර් ජාතිකයින් බලහත්කාරයෙන් ශ්‍රමයට යොදවා ගැනීම වැළැක්වීමේ පනත" මගින් ඇමරිකාවට හානි සිදුවීම වැළැක්විය නොහැකියි
2022-06-22 11:24:09
Share with:

ඇමරිකාව ඊනියා "උයිගුර් ජාතිකයින් බලහත්කාරයෙන් ශ්‍රමයට යොදවා  ගැනීම වැළැක්වීමේ පනත" ඊයේ (21) ක්‍රියාත්මක කළේය. එම පනතට අනුව, අදාළ නිෂ්පාදන බලහත්කාරී ශ්‍රම භාවිතයෙන් නිෂ්පාදනය නොවන බවට පැහැදිලි සාක්ෂි නොමැති වුවහොත් ඇමරිකාව චීනයේ ෂින්ජියං උයිගුර් ජාතික ස්වායත්තයේ නිෂ්පාදන ආනයනය තහනම් කරනු ඇත.

කපු, තක්කාලි සහ සූර්ය පැනල යන චීනයේ ෂින්ජියං ප්‍රදේශයේ ප්‍රමුඛ කර්මාන්තයන්ට පහර දෙමින් චීන සංවර්ධනයට බාධා කිරීම ඇමරිකාවේ අරමුණ වී ඇත. එහෙත් අවසානයේ මෙම සම්බාධකයන් ගෙන් ඇමරිකාවටම හානි ගෙන දෙනු ඇති බවට විශ්වාස‍ කෙරේ.

විශ්ලේෂකයින්ට අනුව එම "පදනම් විරහිත පනත" ක්‍රියාත්මක කළහොත් ජාත්‍යන්තර වෙළඳ පටිපාටිය අවුල්වනු ඇති අතර ගෝලීය කර්මාන්ත දාමයේ සහ සැපයුම් දාමයේ ස්ථාවරත්වයට හානි වනු ඇත. ඉන් ෂින්ජියං හි ක්‍රියාත්මක අපනයන ඉලක්ක කර ගත් ව්‍යවසායන්ට බලපෑම් එල්ල විය හැකි බව ද සඳහන් වෙයි.‍

එහෙත් ආර්ථික කරුණු මත චීන සංවර්ධනය‍ මර්දනය කිරීමට ඇමරිකාවට හැකියාවක් නොමැත. දැවැන්ත චීන වෙළඳපොල සහ ගෝලීය වෙළඳපොල නිසැකව ම ෂින්ජියං ව්‍යවසායයන්ට වාණිජ අවස්ථා ලබා දෙනු ඇත. ඇමරිකාව දොර වසා දැමුවද ෂින්ජියං හි නිෂ්පාදනවල තරඟකාරීත්වය අඩු නොවනු ඇත. එහෙත් එම පනත ඇමරිකාවම අසීරුතාවන්ට ලක් කරනු ඒකාන්තය.

ඇමරිකානු කම්කරු අයිතීන් පිළිබඳ සංගමයේ ඇස්තමේන්තුවලට අනුව, ඇමරිකානු වෙළඳ සන්නාම සහ සිල්ලර අලෙවිකරුවන් සෑම වසරක ම ෂින්ජියංහි රෙදි නිෂ්පාදිත භාවිතයෙන් සකස් කළ ඇඟලුම් බිලියන 1.5කට වඩා ප්‍රමාණයක් ආනයනය කරන අතර එහි වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 20කට වඩා වැඩිය.ඊට අමතරව,සූර්ය පැනල කර්මාන්තය සඳහා අවශ්‍ය මූලික ද්‍රව්‍ය සඳහා ලොව වැදගත් ම නිෂ්පාදන මධ්‍යස්ථානය ද ෂින්ජියං ප්‍රදේශය වේ.

ඇමරිකාව ක්‍රියාත්මක කරන එම පදනම් විරහිත පනතේ සියළු වියදම් අවසානයේ ඇමරිකානු පාරිභෝගිකයන්ට දැරීමට සිදුවෙයි. මේ වන විට ඇමරිකානු ජනතාව ගත වූ වසර 40ක කාලයේ ඉහළ ම උද්ධමනය අත්විඳිමින් සිටිති.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම