සුන්දර වචනවලින් සැඟවිය නොහැකි අධිපතිවාදී ඇමරිකාවේ සැබෑ තත්ත්වය
2022-06-21 10:42:30
Share with:

අසත්‍යයම පතුරුවන අධිපතිවාදී ඇමරිකාවේ සැබෑ තත්ත්වය චීන විදේශ අමාත්‍යංශය දීර්ඝ ලිපියක් නිකුත් කරමින් හෙළි කරයි.

 පසුගිය දා ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken ආසියාන් සංගමයේදී චීනය හා සම්බන්ධ ප්‍රතිපත්ති පිළිබඳ දේශනය පැවැත්වීය. ඉතා සුන්දර භාෂාවක් භාවිත කෙරුණු එම දේශනයේ දී පදනම් විරහිත චීන තර්ජනයක් පිළිබඳ ප්‍රචාරය කරමින්, චීනයේ අභ්‍යන්තර කටයුතු මැදිහත්ව චීන දෙස් විදෙස් ප්‍රතිපත්තිය අපකීර්තියට පත් කර ඇත.

මේ සම්බන්ධයෙන් පසුගිය 19 වනදා චීන විදේශ අමාත්‍යංශය චීනය කෙරෙහි ඇමරිකාව දරන අවබෝධය තුළ පවතින වැරදි හා සත්‍ය සාක්ෂි පිළිබඳ ලිපිය නිකුත් කළේය. ඇමරිකාවේ චීන ප්‍රතිපත්තිවල පවතින වැරදි 21 ක් හෙළි කරමින්, විස්තර සාක්ෂි හා සත්‍ය ඔස්සේ පවතින සැබෑ තත්ත්වය එම ලිපිය මගින් විග්‍රහ කර ඇත.ලෝක පටිපාටිය අවුල් කිරීමේ දරුණු මූලාරම්භකයා මෙන්ම ලෝකයේ විශාලතම මානව හිමිකම් උල්ලංඝනය කරන රට ඇමරිකාව බව එම ලිපිය මගින් මුළු ලෝකයටම පැහැදිලි කර ඇත.

ඇමරිකාව ප්‍රචාරය කරන ඊනියා රෙගුලාසි මත පදනම් කර ගත් ජාත්‍යන්තර පටිපාටිය සැබැවින් ම බලහත්කාරී දේශපාලනයයි. කොතරම් අලංකාර වචන යොදාගත්ත ද චීනයේ සංවර්ධනයට බාධා කරන ඇමරිකානු අධිපතිවාදය සඳහා මුළු ලෝකය දායක කරගැනීමේ අරමුණ සැඟවිය නොහැකිය.

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම