ඇමරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව යන රටවල ආදිවාසී කාන්තාවන් සහ ගැහැණු ළමුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් කෙරෙහි අවධානය යොමු කරන්නැයි චීනය එක්සත් ජාතීන්ගෙන් ඉල්ලයි
2022-06-21 12:50:04
Share with:

ඇමරිකාව, කැනඩාව සහ ඕස්ට්‍රේලියාව යන රටවල ආදිවාසී කාන්තාවන්ගේ හා ගැහැණු ළමුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නැයි චීනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණයන්ගෙන් ඉල්ලා සිටී. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 50 වැනි සැසිය කාන්තා හිංසනය පිළිබඳව, විශේෂ වාර්තාකරුවකු සමඟ පැවති සංවාදයක දී චීන නියෝජිතයා  මේ බව ප්‍රකාශ කළේය.

ඇමරිකාව, කැනඩාව සහ ඔස්ට්‍රේලියාව ඉතිහාසයේ ආදිවාසීන්ට එරෙහිව වාර්ගික පවිත්‍ර කිරීමේ හා සංස්කෘතික ජන සංහාර ප්‍රතිපත්ති දිගු කලක් ක්‍රියාත්මක කර ඇති බවත්, බරපතල පද්ධතිමය වාර්ගික වෙනස්කොට සැලකීම් අදටත් පවතින බවත් චීන නියෝජිතයා පෙන්වා දුන්නේය. මේ සම්බන්ධ ඓතිහාසික අපරාධ සහ සැබෑ ගැටලු නිසි ලෙස විමසා, වින්දිතයින්ට සහන සහ වන්දි ලබාදෙන ලෙසත් චීනය මෙම රටවලින් ඉල්ලා සිටී. එමෙන්ම, ඉහත සඳහන් කර ඇති කරුණු සම්බන්ධයෙන් අඛණ්ඩව අවධානය යොමු කරන ලෙස චීනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණයෙන් ද ඉල්ලා සිටී.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම