බෙයිජිං - Wuhan අධිවේගී දුම්රිය සේවාව පැයට කිලෝමීටර් 350ක විශිෂ්ට ප්‍රමිතියකින් ජනතාවට
2022-06-20 10:31:37
Share with:

චීනයේ බෙයිජිං - Guangzhou අධිවේගී දුම්රිය මාර්ගයට අයත්, බෙයිජිං - Wuhan කොටස අද (20) සිට පැයට කිලෝමීටර් 350ක ඉහළ ප්‍රමිතියකින් ක්‍රියාත්මක වේ. ඒ අනුව, බෙයිජිං - Guangzhou අධිවේගී දුම්රිය මාර්ගය නගර අතර ගමන් කාලය තවදුරටත් අඩු කර විශිෂ්ට කාර්යක්ෂමතාවක් සපුරා ඇති බව, චීන ජාතික දුම්රිය සමූහ සමාගම කියාසිටී.

බෙයිජිං - Wuhan අධිවේගී දුම්රිය සේවය කිලෝමීටර් 350 ක ඉහළ ප්‍රමිතියකින් ක්‍රියාත්මක වීම, චීනයේ අධිවේගී දුම්රිය ආරක්ෂණය පිළිබඳ සම්මත ආදර්ශන මාර්ගය ඉදිකිරීමේ තවත් ප්‍රධාන ජයග්‍රහණයකි. මේ වන විට, චීනයේ ,බෙයිජිං - Shanghai, බෙයිජිං - Tianjin, බෙයිජිං - Zhangjiakou, Chengdu – Chongqing සහ  බෙයිජිං - Wuhan යන මාර්ගවල අධිවේගී දුම්රිය ආරක්ෂණ සම්මත ආදර්ශන මාර්ග ගොඩනගා ඇති අතර, පැයට කිලෝමීටර් 350 ක ඉහළ ප්‍රමිතියක ක්‍රියාකාරිත්වය සාර්ථකව අත්පත් කර ඇති අතර, ආවරණය කෙරෙන සමස්ත දුර සැතපුම් කිලෝමීටර 3,200 කට ආසන්න වේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම