කොළඹ වරාය නගරයේ සංවර්ධන පාලන රෙගුලාසි ශ්‍රී ලංකාවේ නගර සංවර්ධනය සඳහා නව මිනුම් දණ්ඩකි
2022-06-20 18:18:44
Share with:

ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය කෙරුණු ප්‍රථම නගර සංවර්ධන පාලන රෙගුලාසි මාලාව, කොළඹ වරාය නගර ව්‍යාපෘති සමාගම විසින් මෑතක දී ගැසට් කෙරුණු අතර, එය මේ වන විට බලාත්මක වෙමින් පවතී.

මෙම සුවිශේෂී නගර සංවර්ධන  පාලන රෙගුලාසි මාලාව 2018  වසරේ දී වරාය නගර ව්‍යාපෘති සමාගම වන CHEC Port City Colombo සමාගම විසින් හඳුන්වා දෙනු ලැබූ අතර, එය බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛතම ඉංජිනේරු උපදේශන සමාගමක් වන Atkins හි තාක්ෂණික සහාය ඇතිව, ආසියාවේ විශාලතම නාගරික, කාර්මික හා යටිතල පහසුකම් පිළිබඳ උපදේශන සමාගමක් වන සිංගප්පූරුවේ, Surbana Jurong සමාගම විසින් සකස් කෙරිණි. ඉන් අනතුරුව එම නගර සංවර්ධන පාලන රෙගුලාසි මාලාව ස්වීඩනයේ සැලසුම් උපදේශන සමාගමක් වන SWECO විසින් නිර්මාණය කරන ලද වරාය නගර ප්‍රධාන සැලසුමට ඇතුළත් කෙරිණි. එමෙන් ම මෙම නගර සංවර්ධන පාලන රෙගුලාසි මාලාව ගැසට් කිරීමට පෙර  නාගරික සංවර්ධන අධිකාරියේ හා අදාළ රාජ්‍ය ආයතනවල පූර්ණ අධීක්ෂණයට ලක් කෙරිණි.

කොළඹ වරාය නගරය තුළ මෙම නගර සංවර්ධන පාලන රෙගුලාසි ක්‍රියාත්මක කිරීම මගින් එම ව්‍යාපෘතියේ සංවර්ධකයින්, පදිංචිකරුවන්, ආයෝජකයින්, එම ව්‍යාපෘතිය අවට ජීවත්වන ජනතාව ඇතුළු අනෙකුත් සෑම පාර්ශ්වයකට ම ප්‍රතිලාභ ලබා දීම මූලික අරමුණක්ව පවතී.

මෙම නගර සංවර්ධන පාලන රෙගුලාසි මාලාව ශ්‍රී ලංකාවේ නගර සංවර්ධනය සඳහා නව  මිනුම් දණ්ඩකි.

මෙම නගර සංවර්ධන පාලන රෙගුලාසි මාලාව, දකුණු ආසියාව තුළ ජාත්‍යන්තර මට්ටමේ ව්‍යාපාරික නගරයක් නිර්මාණය කිරීම සහ එමගින් නව ව්‍යාපාරික අවස්ථා උත්පාදනය, සංචාරක ව්‍යාපාරය නැංවීම හා උසස් ජීවන තත්ත්වයක් ගොඩනඟා ගැනීම සඳහා සහාය වීම ආදී අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා කොලඹ වරාය නගර ව්‍යාපෘතියට සුවිශේෂී සහයෝගයක් ලබා දෙන බව ද පැවසිය යුතු ම කරුණකි. 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම