සිය පියා‍ ගේ ගතිගුණ සුරකිමින් ජනතා සේවයට කැපවී සිටින චීන ජනපති
2022-06-19 14:32:16
Share with:

අද(19) පියවරුන් ගේ දිනයයි. චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ රාජකාරී, ජීවිත රටාව හා මිනිසුන් සමග ඇසුරු කරන ස්වභාවයන්ට, ඔහුගේ පියා වන ෂී ජොන්ෂුන් මහතා දැඩි ලෙස බලපා තිබේ. ඔහු පියාට යොමු කළ ලිපියකින් මේ පිළිබඳව දැක ගත හැකිය.

වසර 2001 ඔක්තෝබර් මස 15 වනදා ෂී ජොන්‍ෂුන් මහතාගේ 88 වැනි උපන් දිනය සැමරීමේදී, ෂී පවුලේ සමස්ත සාමාජිකයෝ ම පාහේ සැමරුම් අවස්ථාවට එක් වීමට පැමිණියහ. එහෙත් එවිට ෆූජියන් පළාතේ ප්‍රධානී තනතුර හෙබවූ ෂී ජින්පිං මහතාට, කාර්ය බහුල බැවින් ඊට එක් වීමට නොහැකි විය. ඊට සමා හැඟීමක් දක්වමින් ඔහු සිය පියාට  ලිපියක් යොමු කළේය.

එම ලිපියෙන් පියාට සුබ උපන් දිනයක් පැතූ ඔහු, පියා කෙරේ හැඟුම්බර හැඟීම් පළ කරමින්, පියාගෙන් උදාර ගතිගුණ රැසක් ඉගෙන ගත් බව ද සඳහන් කළේය.

‘මහ සෙනෙහස ඇති ඔබතුමා ජනතාව වෙනුවෙන් පරාර්ථකාමීව සේවය කළා. මගේ මුළු ජීවිතයේ ශක්තිය  ජනතාවට සේවය ලබා දීමේ ව්‍යායාමයට කැප කිරීමට දිරිගන්වා ඇත්තේත් ඔබගේ ඒ ජීවගුණය නිසයි.’ යැයි එහි සඳහන් විය.

සැබවින්ම ෂී ජොන්ෂුන් මහතා, ජනතාව අතරම සිටි රජයේ නායකයෙක් විය. තමා ගැමියෙකුගේ පුතෙකු කියා ඔහු නිතරම පැවසීය. පියාගේ බලපෑමෙන් ෂී ජින්පිං මහතා ද ‘මහ ජනතාව අතරට පැමිණීම’ ‘ජනතාවට සේවය ලබාදීම’ පිළිබඳ චින්තනයට අනුකූලව කටයුතු කර ඇත. වසර 2012කේ සිට රටේ හා චීන කොමියුනිස්ට් පක්ෂයේ උත්තරීතර නායකයා බවට පත්වීමෙන් පසුව ද ඔහු සැම විටම පියාගෙන් ලද ශික්ෂණය අමතක නො කළේය.

රටේ සිදු කළ සෑම නිරීක්ෂණයකදීම ෂී ජින්පිං මහතා කඳු හා ගංගා තරණය කර, අයහපත් කාලගුණ තත්ත්වය ද නොතකා දිළිඳුකමෙන් පිරුණු ජනතාව‍ගේ නිවෙස්වලට පැමිණ ඔවුන්ගේ සුවදුක් විමසුවේය.

පියාගේ චාම් ජීවිත පුරුද්ද ද ෂී ජින්පිං මහතාට බලපා ඇත. හබෙයි පළාතේ ජෙන්ග්ඩිං නගරයේ රාජකාරී කටයුතු සිදු කිරී‍මේදී, ඉරී ගිය තැන් යළි යළිත් මැසූ ඇඳ ඇතිරිල්ලක් ඔහු වසර කිහිපයක් පුරා භාවිත කළේ ය. ෆූජියන් පළාතේ ෂ්‍යාමෙන් නගරයේ සේවය කළ කාලයේදී පාගමන් හෝ පාපැදිවලින් සේවා ආයතනයට යාම ඔහුගේ පුරුද්දක් විය.

චීනයේ උත්තරීතර නායකයා වශයෙන්, ෂී ජින්පිං මහතා හැම විටම ස්වයං විනයගරුක ව සිටියි. පියාගෙන් උරුම වූ ඔහුගේ චාම් බව, කුළුපගකම ඔහු සිදු කළ දේශීය චාරිකා තුළින් නිතර නිතර දැකිය හැකි විය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම