අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ පුද්ගලයන් හෝ රටවල් අපකීර්තියට පත් කිරීමට හා වෙනස් කොට සැලකීමට එරෙහි වන ලෙසට ජගත් මහ ලේකම්වරයා ගෙන් ඉල්ලීමක්
2022-06-19 15:25:40
Share with:

අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ පුද්ගලයන් හෝ රටවල් අපකීර්තියට පත් කිරීමට හා වෙනස් කොට සැලකීමට එරෙහිව අවදියෙන් සිටින ලෙසට එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ඉල්ලීමක් කරයි.

ජූනි මස 18 වනදා වෛරී භාෂණයට එරෙහිව සටන් කිරීමේ පළමු ජාත්‍යන්තර දිනයයි. අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ අපකීර්තියට ලක් කිරීම සහ වෙනස් කොට සැලකීම ප්‍රවර්ධනය කිරීමට එරෙහිව අවදියෙන් සිටින ලෙසත් වෛරී ප්‍රකාශ වළක්වා එය තුරන් කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් António Guterres මහතා ඉල්ලීමක් කළේය.

වෛරී ප්‍රකාශ ප්‍රචණ්ඩත්වය උසිගන් වන අතර සමාජ එකමුතුවට හාන කරයි.එය සමගිය ශක්තිමත් කිරීම අපේක්ෂා කරන ජාත්‍යන්තර ප්‍රජාවේ පොදු වටිනාකම් හා මූලධර්මයන්ට තර්ජනයක්  බව හෙතෙම පැවසීය. විවිධත්වයට සහ අවබෝධයට ගරු කිරීම ප්‍රවර්ධනය කිරීම මගින් වෛරී ප්‍රකාශ වැළැක්වීමට සහ තුරන් කිරීමට සෑම උත්සාහයක්ම ගන්නා ‍‍ලෙසට හෙතෙම ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම