කොළඹ ප්‍රමුඛ ප්‍රධාන නගරවල පාසල් ඉදිරි සතියේ නොපැවැත්වීමේ තීරණයක්
2022-06-19 16:21:44
Share with:

කොළඹ කලාපය, ආසන්න නගර ආශ්‍රිතව සහ සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් ඉදිරි සතියේ නොපැවැත්වීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. ප්‍රධාන නගර නොවන ප්‍රදේශවල පිහිටි පාසල් සම්බන්ධව සුදුසු පරිදි කටයුතු කිරීමට බස්නාහිර ඇතුළු සියලු පළාත් අධ්‍යාපන නිලධාරින්ට අවසර දී තිබේ. පාසල් පැවැත්වුවද යම් සිසු කණ්ඩායමකට සහභාගීවීමට නොහැකි නම් එම සිසුන්ට මාර්ගගත ඉගැන්වීම් සඳහා පහසුකම් පවතින්නේ නම් එම ක්‍රමය භාවිත කිරීමේ හැකියාව පවතී. ප්‍රාදේශීය මට්ටමින් අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින පාසල්වල සිසුන්ට ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට ප්‍රවාහන අපහසුතා බලනොපාන තත්ත්වයක් යටතේ එම පාසල් ආරම්භ කර පවත්වාගෙන යාමට පළාත් අධ්‍යාපන නිලධාරින්ට අවසර පවතී.

 

ගුවන් විදුලිය
20240508බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම