ගෝලීය සංවර්ධන සහයෝගිතා තහවුරු කිරීම‍ වෙනුවෙන් නව දායකත්වයක් ලබා දීමට චීනය සූදානම් බව චීන ජනපති කියයි
2022-06-18 14:31:54
Share with:

 ජනාධිපතිවරයා 25 වන ශාන්ත පීටර්ස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සංසදයේ පූර්ණ සැසිය  අමතයි. 

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ (17) පැවති 25 වන ශාන්ත පීටර්ස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සංසදයේ පූර්ණ සැසියට වීඩියෝ ආකාරයෙන් සහභාගී වී දේශනයක් කළේය.

ශතවර්ෂයකින් නොදුටු වෙනස්කම්වලට සහ වසංගතයකට මුහුණ දෙන ලෝකයේ ආර්ථික ගෝලීයකරණය පසුබැස ඇත. එක්සත් ජාතීන්ගේ 2030 වසරේ තිරසර සංවර්ධන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට පෙර නොවූ විරූ අභියෝග පවතින බව ෂී ජින්පිං මහතා පැවසීය. වත්මන් ජගත් ප්‍රජාව වඩාත් සාධාරණ, තිරසර සහ සුරක්ෂිත සංවර්ධනයක් ඉටු කර ගැනීමට දැඩිව උනන්දු විය යුතුය.අවස්ථා ප්‍රයෝජනයට ගනිමින් අභියෝගවලට සෘජුව මුහුණ දිය යුතු අතර, ගෝලීය සංවර්ධන යෝජනාව ක්‍රියාත්මක කිරීමට පොළඹවා සාමය සහ සෞභාග්‍ය සපිරි සුන්දර අනාගතයක් පොදුවේ ගොඩනැගීමට  ක්‍රියා කළ යුතු යැයි ද හෙතෙම ප්‍රකාශ කළේය. 

සංවර්ධනය සඳහා යහපත් පරිසරයක් නිර්මාණය කරමින් සංවර්ධන හවුල්කාරිත්වය ශක්තිමත් කළ යුතු අතර ආර්ථික ගෝලීයකරණය ඉදිරියට ගෙන යා යුතුය.නවෝත්පාදන මත පදනම් වූ සංවර්ධන ක්‍රමයක් අනුගමනය කළ යුතු බව ද චීන ජනාධිපතිවරයා පැවසීය.

ශක්තිමත් ඔරොත්තු දීමේ හැකියාව, දැවැන්ත සැඟවුණු හැකියා සහ දිගුකාලීන තිරසාරභාවය යන චීන ආර්ථිකයේ මූලික තත්ත්වයන් වෙනස් නොවන බව ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේය. චීන ආර්ථික සංවර්ධනය කෙරෙහි චීනයට පූර්ණ විශ්වාසයක් තිබේ.ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනයක් අඛණ්ඩව ප්‍රවර්ධනය කර ඉහළ ප්‍රමිතියෙන් යුත් විවෘතභාවය පුළුල් කිරීම ස්ථිරව අනුගමනය කරමින් ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ චීනය පොදුවේ ගොඩනගනු ඇති බව හෙතෙම පැවසීය.

රුසියාව ඇතුළු ලෝකයේ ඒ ඒ රටවල් සමඟ සංවර්ධනයේ ඉදිරි දැක්ම පොදුවේ නිර්මාණය කරමින් සංවර්ධන අවස්ථාවන් පොදුවේ බෙදා ගනිමින්, ගෝලීය සංවර්ධන සහයෝගිතා තහවුරු කිරීමට හා පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීම වෙනුවෙන් නව දායකත්වයක් ලබා දීමට චීනය සූදානමින් සිටින බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළේය. 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම