කළු සල්ලි ජාවාරම් සම්බන්ධ විමර්ශන කඩිනමින්
2022-06-18 15:58:25
Share with:

අයථා ලෙස උපයන ලද මුදලින් නිවාස, වාහන ඇතුළු දේපළ මිලදී ගත් පුද්ගලයන් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන කඩිනම් කිරීමට අධිකරණ අමාත්‍යංශයේ අවධානය යොමු වෙයි.

මෙවැනි නඩුවලදී අධිකරණයට ඉදිරිපත් වන නඩු භාණ්ඩ මාස තුනක් ඇතුළත මුදාහැරිය නොහැකි නම් ඒවා අලෙවි කර අදාළ නඩුවේ නමින් විවෘත කරන ලද ගිණුමකට මුදල් බැර කළ යුතු බවට අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතා අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී  ප්‍රකාශ කර ඇත.

එම නඩුව අවසන් වූ පසු තීන්දුවට අනුව මුදල් සම්බන්ධව ක්‍රියා කිරීම සඳහා අවශ්‍ය නීති සකස් කිරීමට මේ වන විටත් කමිටුවක් පත් කර ඇති අතර, මාසයක් තුළ එම කමිටුව අදාළ නීති සම්බන්ධව වාර්තාවක් ඇමතිවරයාට දීමට නියමිතව ඇත.

 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම