චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඉදිරිපත් කළ, ගෝලීය සංවර්ධන මුලපිරුමට ජගත් අවධානය
2022-06-18 20:26:32
Share with:

“ජනාධිපති ෂී ජින්පිං මහතා සිය දේශනයේදී සඳහන් කළ ‘ගෝලීය සංවර්ධන මුලපිරුම’ දැනට පවතින ගෝලීය අර්බුද තත්ත්වය වෙනුවෙන් විසඳුම් යෝජනා සපයා දුන්නා” කියා ඊජිප්තුවේ ‘Al Ahram’ පුවත්පතේ නියෝජ්‍ය ප්‍රධාන සංස්කාරක Tarek Elsonoty මහතා පවසයි. ඔහු ‍එසේ පැවසුවේ 17 වැනිදා පැවති  25 වන ශාන්ත පීටර්ස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සංසදයේ පූර්ණ සැසියට වීඩියෝ ආකාරයෙන් එක්වූ චීන ජනාධිපතිවරයාගේ දේශනය පිළිබඳව අදහස් දක්වමිනි.

ගෝලීය සංවර්ධන මුලපිරුම මූලිකව ඉදිරිපත් කෙරුණේ වසර 2021 සැප්තැම්බර් මාසයේ 76 වැනි එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනයේ සාමාන්‍ය සංවාදයකදී චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විසිනි. සංවර්ධනයට ප්‍රමුඛත්වය දීම, ජනතා කේන්ද්‍ර කොට ගැනීම, පොදු ප්‍රතිලාභ දිනා ගැනීම, සහ‍යෝගිතාවන්, නවෝත්පාදනයෙන් සංවර්ධනය මෙහෙයවීම, මානවයන් හා ස්වභාවය අතර සුසංගත සහපැවැත්ම, ක්‍රියාශීලිත්වය යන්න, එහි කේන්ද්‍රීය කරුණුය. ගෝලීය සංවර්ධනය පිළිබඳ පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් ගොඩනැගීම ඉලක්කයයි. එම මුලපිරුම වසංගතයෙන් පසුව ආර්ථික ප්‍රතිසාධන ඉටු කිරීම පිළිබඳ බොහෝ රටවල අපේක්ෂාවන්ට සරිලන වන බැවින්, ඊට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හා 100කට වැඩි රටවල අනුබලය හිමි වී තිබේ.  

වර්තමානයේ වසංගතය තවමත් ලෝකයට බලපෑම් එල්ල කරමින් සිටී. යුක්‍රේන රුසියා ගැටුමෙන් ජගත් තත්ත්වය තව තවත් සැලෙමින් තිබේ. ඇමරිකාව ප්‍රමුඛ බටහිර ලෝකය, රුසියාවට පැනවූ  සම්බාධක, ගෝලීය කර්මාන්ත දාමය, සැපයුම් දාමය, බලශක්තිය, මුල්‍ය සේවාව හා ආහාර සුරක්ෂිතතාවය විශාල කම්පනයකට පත් කර ඇත.

මෙවන් පසුබිමක් යටතේ, 25 වන ශාන්ත පීටර්ස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සංසදයේ පූර්ණ සැසියට එක්වූ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, ගෝලීය සංවර්ධන මුලපිරුම ක්‍රියාත්මක කිරීම පෙළඹවන ලෙස ඉල්ලා සිටිමින් ඒ පිළිබඳ සවිස්තරාත්මක යෝජනා ද ඉදිරිපත් කළේය. එමගින් ලෝකය, විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල වසංගතයෙන් පසු පුනර්ජීවනයට බලයක් එකතු කළ හැකි යැයි විශ්වාස කෙරේ. 

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම