ඇමරිකාවේ ක්‍රියා මානව හිමිකම් කවුන්සිලයේ දී පරීක්ෂා කළ යුතුයි
2022-06-17 16:26:40
Share with:

ජිනිවාහිදී පසුගියදා පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 50 වැනි සමුළුවේදී, කියුබාව 70කට ආසන්න රටවල්  නියෝජනය කරමින් පොදු ‍දේශනයක් සිදු කළේය. ඊනියා මානව හිමිකම් ප්‍රශ්න හේතු කොට ගෙන චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට එම දේශනය විරෝධය පළ කළේය. රටවල් 20ක් පමණ ස්වාධීනව චීනයට සහාය වන බවට හඬ නගා තිබිණ.

එම තත්ත්වය,  මානව හිමිකම් කවුන්සිලය ඇතුළු බොහෝ ජගත් වේදිකාවල නිතර සිදුවීම  දැකිය හැකිය. රටවල් සිය ගණනක් චීනය වෙනුවෙන් සාධාරණ ලෙස අදහස් දැක්වීම තුළින්, ජගත් ප්‍රජාව, විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් චීනයේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව පැහැදිලි අවබෝධයක් සතු බව පෙනේ.

චීනය සිය විශාලතම උපායමාර්ගික තරගකරුවා ලෙස සලකන ඇමරිකාව, ෂින්ජියං, හොංකොං, ටි‍බෙට්, තායිවාන යන මාතෘකා මගින් චීනය මර්දනය කිරීමට නිරන්තරව උත්සාහ දරයි. චීනයේ ෂින්ජියං උයිගුර් ස්වායත්තය පිළිබඳ සැලකීමේ දී, ඇමරිකාව ප්‍රමුඛ බටහිර ලෝකයේ, පූර්ණ ‘ව්‍යාජ තොරතුරු ගෙතීමේ දාමයක්’ ඊට සම්බන්ධ කර ඇත. එවන් ව්‍යාජ තොරතුරු පදනම්ව ඇමරිකාව නිර්මාණය කළ, ඊනියා ‘උයිගුර් ජාතිකයින් බලහත්කාරයෙන් ශ්‍රමයට යොදවා  ගැනීම වැළැක්වීමේ පනත’ ලබන සතියේ දී බලාත්මක වේ. යුරෝපා පාර්ලිමේන්තුව ද ඊට සහයෝගයක් දක්වනවා සේ, ෂින්ජියං ප්‍රදේශයේ මානව හිමිකම් තත්ත්වයට හේතු විරහිතව පහර දීමේ තීරණයක් ද සම්මත ක‍ර ඇත.

 එහෙත් බොරුවක් දහස් ගණනාවක් නැවත පැවසුවද  එය තවමත් බොරුවක්ම පමණි. මීට මනා පිළිබිඹුවක් වනුයේ, සෑම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයකදීම, චීනයේ ෂින්ජියං පරිපාලන ප්‍රතිපත්තිය, ඉස්ලාමීය රටවල් ඇතුළු ජගත්‍ ප්‍රජාවේ අවබෝධය හා අනුබලය හිමි වී තිබීමය. ත්‍රස්ත විරෝධය හා බෙදුම්වාදී විරෝධය, ෂින්ජියං ප්‍රශ්නයේ මූලික ස්වභාවය බවටත්, ෂින්ජියංහිදී මුස්ලිම් ජාතිකයින්ට එරෙහි හිංසනයක් නොමැති බවටත් පැහැදිලිව නොදැන ගෙන සිටින්නේ නම්, ඉස්ලාමීය රටවල් චීනය වෙනුවෙන් කතා කළේ කුමන හේතුවක් මත ද? සැබවින්ම, ඇමරිකාව හා බටහිර ලෝකය ප්‍රචාරය කරන ඊනියා ෂින්ජියංහි මානව හිමිකම් උළ්ළංඝනය කිරීමේ පුවත්, අවිශ්වාසනීය බවටත්, මේ ලෝක‍යේ ඇමරිකාව හා එහි සන්ධාන රටවල් පමණක් මුස්ලිම් ජාතිකයින්ට අපරාධ සිදු කළ බවටත් ඉස්ලාමීය රටවලට ඉතා පැහැදිලි යැයි බ්‍රිතාන්‍ය ලේඛක Tom Fowdy මහතා පෙන්වා දී තිබේ. මෙවැනි තත්ත්වයන් මත ඇමරිකාව කෙරේ මානව හිමිකම් පරීක්ෂණයක්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ න්‍යාය පත්‍රයට එකතු කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුව තිබේ.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම