චීනයෙන් කාන්තාරකරණයට එරෙහිව සාර්ථක පියවර
2022-06-17 12:53:41
Share with:

අද (17) කාන්තාරකරණය සහ නියඟයට එරෙහිව සටන් කිරීමේ 28 වන ලෝක දිනයයි. මෙම වසරේ එම දිනය වෙනුවෙන් චීනය විසින් නම් කරන ලද තේමාව වන්නේ කාන්තාරකරණයට එරෙහිව ඒකාබද්ධව සටන් කර පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් ගොඩනැගීම යන්නයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික සම්මේලනයෙන් පසුව, චීනය 2020 වන විට රට තුළ පාලනය කළ හැකි කාන්තාරකරණයට ලක්වූ ඉඩම්වලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් කාන්තාරකරණයෙන් බේරා ගැනීමේ ඉලක්කය නියමිත පරිදි සම්පූර්ණ කර ඇත. චීනය කාන්තාරකරණය වැලැක්වීම සහ පාලනය කිරීමේ දී කැපී පෙනෙන ප්‍රතිඵල අත්කර ගෙන ඇති අතර, "වැලි වර්ධනය සහ මිනිසුන් පසුබැසීම" සිට "හරිත දියුණුව සහ වැලි පසුබැසීම" දක්වා ඓතිහාසික සංක්‍රාන්තියක් සාක්ෂාත් කර ගෙන ඇත.

පසුගිය වසර දහය තුළ චීනය පුරා කාන්තාරකරණය පාලනය කිරීම සඳහා හෙක්ටාර මිලියන 18.8 ක් සම්පූර්ණ කර ඇත. එමෙන්ම චීනයේ කාන්තාරීකරණය වූ භූමි ප්‍රමාණය හෙක්ටාර මිලියන 4.32 කින් පමණ අඩු වී ඇති අතර, එය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් යෝජිත 2030 වන විට භූමි හායනය වීමේ "ශුන්‍ය වර්ධන" ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා වැදගත් දායකත්වයක් ලබා දෙනු ඇත .

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම