මෙම වසර බ්‍රික්ස් සංවිධානයේ චීන වසරයි
2022-06-17 17:16:40
Share with:

මේ වසර බ්‍රික්ස් සංවිධානයේ සැබවින්ම චීන වසරක් ලෙසට හැඳින්විය හැකි බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද(17) පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

ඒ ඒ පාර්ශ්වයන්ගේ සක්‍රීය අනුබල යටතේ වාරික සභාපති රට ලෙසට චීනය මේ වන විට සමුළු හා ක්‍රියාකාරකම් 70ක් සාර්ථකව පවත්වා විවිධ ක්ෂේත්‍ර වල බ්‍රික්ස් සහයෝගිතා ප්‍රතිඵල ලබා ගැනීම ප්‍රවර්ධනය කර ඇති බව හෙතෙම පැවසීය.

චීනය සෙසු බ්‍රික්ස් සංවිධානයේ සාමාජිකයන් සමග එක්ව, වර්ධනය ‍වන වෙළඳපොළ රටවල් හා සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ විවෘත හා පොදුවේ ජයග්‍රහණ ලබා ගන්නා සහයෝගිතා පිළිබඳ ‘බ්‍රික්ස් චින්තනය’ සැබවින්ම ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වේ. එමගින් වඩාත් උසස් පෙළේ, වඩාත් ව්‍යාප්ත, වඩාත් පුළුල් ක්ෂේත්‍ර වල “බ්‍රික්ස් +”  සහයෝගිතා ක්‍රියාත්මක කරමින් අස්ථිර මෙන්ම විශාල අභියෝගයන් මුහුණ දෙන ලෝකයට වැඩි ධනාත්මක ශක්තියක් ලබා දීමට චීනය කැමැත්තෙන් සිටින බව වං වෙන්බින් මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම